SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළඹෙන 18 අඟහරුවාදා නුගේගොඩදී සර්ව ජන බලයේ මංගල ජන රැලිය පැවැත්වීමට නියමිතය.

ඒ බව සර්වජන බලය විසින් කැඳවූ මාධ්‍ය හමුවේදී පවසා ඇත.

 

ඒ අනුව 69 ලක්ෂයෙන් කෙනෙක්නම් 18 වැනිදාට නුගේගොඩට පැමිණෙන ලෙස මෙරට ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව මාධ්‍ය හමුවට එක් වූ සර්වජන බල‍යේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය. ලක්ෂ 69 පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් අය හුදු බලය ලබා ගැනීමට විවිධ තැන්වලට පැන්නද, එකී ජනතාවගෙන් බහුතරයක් තවමත් නිහඬව, වෙන්නේ කුමක්දැයි බලා සිටින බවද හෙතම පැවසීය. අවස්ථාවාදීන් කොහේ පැන්නද ජාතික කඳවුර සහ ජාතික බලවේග නොනැසී පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

 

ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනාවලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බවත් ඒ සඳහා මේ වන විට රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවත් ඔහු කියා සිටියේය.

 

2020 දී ජනතාව ලබා දුන් ජන වරම එම ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ ජාතික අභිලාශ පාවාදෙමින් සිටින බව මාධ්‍ය හමුවට එක වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසීය. මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවේ 13 සංශෝදනයක් ගැන පවසමින්, දෙමල ජනතාව රවටමින්, නැති ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට අවස්තාවාදී දේශපාලකයන් කටයුතු කරමින් සිටින බවයි.

 

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ උප සභාපතිනි අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරසිංහ ,  ශ්‍රී ලංකාකොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ ස්වාධීන මන්ත්‍රී සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මෙම දේශපාලන එකමුතුවේ විධායක කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

 

#cnews reporter