SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශ්‍රාමික පොලිස් නිළධාරින් ජනතා විමුක්ති පෙරමුණ නොහොත් මාලිමාවට කඩේ ගොස් සමස්ත පොලිස් නිළධාරින්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවටම නිග්‍රහ කර ඇති බව

හිටපු පොලීස් පරීක්ෂකවරයෙක් සහ ස්ථානාධිපතිවරයෙක් වූ සුදත් චන්ද්‍රසේකර නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

 

ඔහු විසින් නිකුත් කර තිබූ ලිපිය පහත පළවේ..

 

මාලිමාවේ නොහොත් ජනතා විමුක්ති පෙරමුණ විසින් සන්විධානය කල විශ්‍රාමික පොලිස් නිලධාරින් සමූහයේ රැස්වීමට සහභාගි වූ සියඵම විශ්‍රාමික පොලිස් නිළධාරින්  පොලිස් දෙපාර්තමේන්තුවටත් තම සහෝදර පොලිස් නිළධාරින්ටත් කරණු ලැබුවේ මහත් අවමානයක්. මෙය පිලිකුලෙන් හෙලා දැකිය යුතු පහත් ක්‍රියාවක්. මමත් පොලිස් නිළධාරියෙක් විදියට 88-89 වර්ෂවලදි ජේ.වී.පී. කීර්ති විජයභාහුගේ මරණ තර්ජන වලට මුහුණ දුන් නිළධාරියෙක්. මාගේ දෙමව්පියන්ට මාව පොලිස් සේවයෙන් ඉවත් කර නොගතහොත් පවුලම වෙඩිතබා මරා දමන බවට තර්ජනය කලා. ඔවුන් ගම් ප්‍රදේශ අතහැර ගොස් සැගවී ජීවත් වුනා. භියට පත් ඔවුන් සේවයෙන් ඉවත්වන තුරු නිවසට නොපැමිනෙන ලෙසට මට බැගැපත් වූනා. මට භීෂණය අවසන්වන තුරු වසර කීපයක් මගේ පවුල අමතක කරන්න සිද්ධ වුනා. මා වගේම මගේ සහෝදර නිළධාරින් දස දහස් ගණනක් මෙම ඉරණමට මුහුන දුන්නා.

 

අත් බෝම්බ ප්‍රහාර

 

1988 මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදි පැවති මහපොල උත්සවයේදි ජේ.වී.පි. අත් බෝම්බ ප්‍රහාරයකට ගොදුරුව වූවත්, අදටත් ජීවත්වීමේ වාසනාව උදාවුනා. මම තනතුර අතහැර නොයන්න අදිටන් කර ගතිමි. මම තීරණය කලා භීෂණයට එරෙහිව සටන් කරන්න.

 

රණවිරුවෝ සහ මිනීමරුවෝ

 

ඒත් අවාසනාවකට මෙන් උතුරේ භිෂණයට එරෙහි ක්‍රියාකල ආරක්ෂක අංශ සාමාජිකයින් රණවිරුවෝ වුනා. දකුණේ භීෂණයට එරෙහිව සටන් කල ආරක්ෂක අංශ නිළධාරින් මිනීමරුවන් වුනා.

 

අමානුෂික ඝාතන

 

ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ කාලයේදී පොලිස් ධාරින් කීදෙනෙක්ව  ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතාම අමානුෂික ලෙස ඝාතනය කලාද? ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කීදෙනෙක්ව ඝාතනය කලාද? තවත් කීප දෙනෙකුට මරණය තර්ජන එල්ල කළාද? ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ සාමාජිකයින් කීදෙනෙක්ව අමු අමුවේ තිරිසන් විදියට මරා දැම්මද? ඔවුන්ගේ දේපල නිවාස කීයක් ගිනිතබා විනාශ කලාද? මෙම පැන්ෂන්කාරයින්ට මේවා අමතක කරන්න පුඵවන්ද? ඇයි එහෙම අමතක කරන්න තරම් පහත් සිතිවිලි පහල වුනේ.

 

රවි සෙනවිරත්න ඇතුඵ පොලිස් ද්‍රෝහි නඩය

 

රවී සෙනවිරත්න ඇතුඵ නඩය ඒ සියල්ලම අමතක කර පොලිස් දෙපාර්තමේන්තුවටම කලු පැල්ලමක් එක් කරමින් තම පුද්ගලික වාසිය තකා පොලිස් දෙපාර්තමේන්තුව පාවා දීම මහා පිළිකුල් සහගත ක්‍රියාවක් කියලා මම හිතනවා. රවි සෙනවිරත්න බීමතින් වාහන පදවා රිමාන්ඩ්කල නිසා ඔහුට ඇත්තේ වෛරයක්. ඒක තමයි ජේ.වී.පි. කරයින්ගේ එක් ලක්ෂණයක්.

 

සහරන්ගේ පාස්කු ප්‍රහාරය

 

ඒ සමගම කියන්න තියෙන්නේ සහරන්ගේ පාස්කු ප්‍රහාරයටත් මෙම නිලධාරින් සම්බන්ධ බවට දැන් සැකයක් මතු වෙනවා. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ බාරව සිටි ඉහල නිලධාරීන් සාරාන්ට සහයෝගය දීමෙන් කටයුතු කර ඇති බවත් දැන් පැහැදිලිව සැකයක් ඇති වෙනවා. එසේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එදා සිටි, අද විශ්‍රාම අරන් සිටින මෙම නිළධාරින් සම්පූර්ණයෙන්ම මෙයට වකින් යුතුයිද කියලා මට සැකයක් ඇති වෙනවා.

 

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා වන මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම්, 2015 දී බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ජාතික ලැයිස්තුවේ සිටි බව පැහැදිලිය. “ඔහු 2015 අපේ ජාතික ලැයිස්තුවේ හිටියා. ඔහු ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට සම්බන්ධ කෙනෙක් නම් ශ්‍රී ලංකා බුද්ධි අංශ සහ සේවා ඒ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයි? 2015 ට පෙර ඔහු ගැන? ජනතා විමුක්ති පෙරමුණේ නාලින්ද ජයසිංහ එදා ප්‍රශ්න කර තිබුනා. අපට අද එම ප්‍රශ්ණයම අහන්න සිදුව තිබෙනවා.

 

ත්‍රස්ත විමර්ශණ අංශය සිදුකල පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගත්තේ ඇයි?

 

කොළඹ බෝම්බ පුපුරාගෙන මියගිය ඊබ්‍රහයිම් සහෝදරයෝ එවැනි අය සමග සම්බන්ධතා පවත්වපු පිරිසක් එම පරීක්ෂණය සිදුකිරීම මගින් කර ඇත්තේ රටට විශාල හානියක්. මුළු රටම නැවතත් අවධියෙන් සලකා බැලිය යුතු කරුණක් වන අතර මෙම දුෂඨ ලැජ්ජා නැති ක්‍රියාව මා පිළිකුලෙන් හෙලා දකිනවා. ත්‍රස්ත විමර්ශණ අංශය සිදුකල පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නොගත්තානම්, එහි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව සැලසුම් සහගත ලෙස සිරගත නොකර සිටියා නම් පාස්කු දින ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුනා.

 

මුළු පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම සහ ජාතියෙන් ඔවුන් සමාව ගත යුතුයි.

 

පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකල කැළල වෙනුවෙන් සමාව අයදින ලෙසට එයට සහභාගි වූ සියලඵම විශ්‍රාමික පොලිස්‌ නිළධාරීන්ගෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ වාසිය තකා තමන් සේවය කළ දෙපාර්තමේන්තුව පාවාදීම කොතරම් නින්දිත ක්‍රියාවක්ද කියලා හිතන්න කියලා නැවත වරක් මතක් කර සිටිමි.

 

සුදත් චන්ද්‍රසේකර

හිටපු පොලිස් පරීක්ෂක

ස්ථානාධිපති අගමැති ආරක්ෂක කොට්ඨාශය(1993)

 

S letter 1S letter 2S letter 3