SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ඉකුත් ජුනි 3 වෙනිදා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පවසයි.

 

ගුණතිලක පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙලිකරන්න යයි

 

පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැතැයි කී මන්ත්‍රීවරයා රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදුවූ මේ පහර දීම ගැන කලකිරීමක් පවතින බවද එහිදී පවසා ඇත.

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් අදාල සිදුවීම හොඳින් දැකබලා ගත හැකි බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.  කෙසේ වුවද  සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන්  අදාල සිද්ධිය දුටු බවක් පොලිසියට කියා නැතැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී  මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අදාළ පහරදීම සිදුව ඇත. පහර දීමෙන් පසු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා  යුද හමුදා රෝහලට ඇතුලත් කළ අතර පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකට ලක් කර ඇත.

 

තමා පඩි පෙළකින් වැටී තමා ආබාධයට ලක්වී යැයි කරන ප්‍රකාශ පට්ට පල් බොරුවක් බව කී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා  මහින්දානන්ද අලුත්ගමගේ චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවද සඳහන් කරයි.

 

කෙසේ වුවද ටිරාන් අලස් අමාත්‍යවරයා යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මෙහිදී ක්‍රියාත්මක වීමට පසුබට වීම පිටුපස මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපතිවරයාගේ දැඩි  සමීපතමයෙක් වීම හේතුවක් ද යන්න ගැන විවිධ කතා පැතිරෙමින් ඇත.