SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඕනෑම අභියෝගයක් සහ වගකීමක් භාර ගත හැකි මේ රටේ සිටින කොන්ද පණ ඇති එකම නායකයා තමා බව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇතැයි "United Youth" සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි.

 

සභාපතිවරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර, කලා වැව, උපුල්දෙණිය රජ මහා විහාරස්ථානයේ  නා උයනේ දී උපුල්දෙණිය රජ මහා විහාරාධිපති නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම යුනයිටඩ් යූත් ජන හමුවකට එක් වෙමිනි. 

 WhatsApp Image 2024 06 13 at 19.12.451

 

රට බංකොලොත් වී ජනතාව අන්ත අසරණ වූ අවස්ථාවේ දී එම අභියෝගය සහ වගකීම භාර ගෙන රටත් ජනතාවත් එම තත්ත්වයෙන් ගළවා ගැනීමට කොන්ද පණ ඇති නායකයෙකු නොසිටි බව පෙන්වා දුන් යුනයිටඩ් යූත් සභාපතිවරයා දෛවයේ සරදමකට මෙන් අවසානයේ දී කොන්ද පණ නැති නායකයෙකු ලෙස ජනතාව විසින්ම හංවඩු ගැසූ රනිල් වික්‍රමසිංහ එම අභියෝගය සහ වගකීම භාර ගත් බව කියා සිටියේය.

 

ඒ අනුව ඕනෑම අභියෝගයක් සහ වගකීමක් භාර ගත හැකි මේ රටේ සිටින කොන්ද පණ ඇති එකම නායකයා තමා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇතැයි ද යුනයිටඩ් යූත් නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර අවධාරණය කර ඇත.

 

රට අද නිවැරදි මාර්ගයට යොමු කොට ආර්ථික අඝාධයෙන් ගොඩගනිමින් සිටින බවත් මෙම මාර්ගය හැරුණු කොට විකල්ප මාර්ග නොමැති නිසා රටක් ජාතියක් ලෙස අප තව දුරටත් මෙම මාර්ගයේම ගමන් කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටම  නැවත රට භාර දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

 

WhatsApp Image 2024 06 13 at 19.12.47

 

ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵලය ලංකාවටද බලපාන බවත් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම නැවත වරක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන බවත් ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීම බංකොලොත් රටකට යෝග්‍ය නොවන බවත් සුදත් චන්ද්‍රසේකර විසින් අවධාරණය කරයි.

 

United Youth සංවිධානයේ ජාතික සංවිධායක රංගන ශිල්පි අර්ජුන කමලනාත්, වෙෙද්‍ය එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෙෙද්‍ය හර්ෂණ සමරසිංහ, කාන්තා අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රංගන ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ ජෙනරාල් අසංක රත්නායක සහ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකාරක රිස්වි මොහොමඩ් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

@united youth media

WhatsApp Image 2024 06 13 at 19.12.41WhatsApp Image 2024 06 13 at 19.12.43WhatsApp Image 2024 06 13 at 19.12.45WhatsApp Image 2024 06 13 at 19.12.46