SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

IMF දෙවන සමාලෝචනයෙන් පසුව තුන්වෙනි වාරිකය ලෙස ඩොලර් මිලියන 335 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර,

එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ  මධ්‍යම රාත්‍රිය වන විට අවසන් කර තිබුණි. මේ වන විට  මෙම ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති සමස්ත ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 670ක් වේ.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කිරීම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක දකින්නේ  ජනාධිපති වික්‍රමසිංහගේ මුල්‍ය විනය සහ කැප වීම මත ලැබීමක් බව ය. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විශේෂ 'X' (twitter) පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව කියා ඇත.

 

මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව මත වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ රටක් ලෙස ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සහ දීප්තිමත් අනාගතයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බව යැයි හිටපු මුදල් ඇමතිවරයා කියයි.

 

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත  සිය සුභ පැතුම් එක් කර සිටින බව  රවී කරුණානායක වැඩි දුරටත් කියා ඇත.

 

මේ වනවිට ලංකාවේ නොගෙවූ විදෙස් ණය බර ඩොලර් බිලියන සියය ඉක්මවා ඇත.