SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දමා අදාළ සිද්ධිය හෙළිකළ තරුණයාට

පොලීසියෙන් රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් ලබා දී ඇතැයි පොලීසිය පැත්තෙන් වාර්තා වේ.

 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අද (12) එම මුදල් ත්‍යාගය පිරිනමා ඇත.

 

පහර කෑමට ලක්වෙමින් සිටි සිඟිත්තිය මේ වනවිට පරිවාස භාරයේ පසුවන අතර ඇයගේ බැංකු ගිණුමකට ද  රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් බැර කර ඇතැයි වාර්තා වේ.