SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ‘අපරාධකාරයෝ මෙහෙට ගේන්න උදව් කරන්න’ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති හමුවූ අමාත්‍ය ටිරාන් අලස් කළ ඉල්ලීමක් කරලා.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි (Khaled Al Ameri) සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (12) සිදුව ඇති බව වාර්තා වේ..

 

එහිදී එරට රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒමට සහාය ලබාදෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් ඇමතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

 

තම රට සමග සාකච්ඡා කර ඊට හැකි මැදිහත්වීමත් සිදුකිරීමට කටයුතු කරන බව තානාපති කලීඩ් අල් අමේරි (Khaled Al Ameri) එහිදී  අමාත්‍යවරයාට කියා ඇත.

 

දෙරටේ පොලිසි අතර තොරතුරු හුවමාරු කර ගැනීම් සහ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පුහුණුවීම් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම මෙන්ම, පොලිස් විද්‍යාල සඳහා නව වැඩසටහන් හඳුන්වාදීම පිළිබඳව ද අමාත්‍යවරයා සහ තානාපතිවරයා අතර අදහස් හුවමාරු වී යැයි අමාත්‍යාංශ ආරංචිමාර්ග වාර්තා කරයි.