SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණය වසරකින් දීර්ඝ කරන බව ආණ්ඩුව පැත්තෙන් ප්ලාන්ට් කරන ප්‍රවෘත්තියක් බවත්,

කිසිම හේතුවකින් රනිල් වික්‍රමසිංහට අවුරුදු 06ක් ඉන්නට බැරි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසනවා.

 

ඔහු මේ බව පැවසුවේ ඊයේ (11) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

 

“ආණ්ඩුව පැත්තෙන් ප්ලාන්ට් කරපු නිවුස් එකක් යනවා ජනාධිපතිවරණය තව අවුරුද්දකින් දීර්ඝ කරගන්න පුළුවන් කියලා. අපි පැහැදිලිවම කියන්න ඔින 77 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අවුරුදු 06ක් තිබ්බා. හැබැයි 2015 යහපාලන ආණ්ඩුව ඇවිල්ලා 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවයාගේ ධුරකාලය අවුරුදු 05කට අඩුකරල තියෙනවා. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වෙනකොට 19 වෙනි සංශෝධනය ඇවිත් තිබුණේ නෑ. එතකොට එතුමා පත්වුනේ අවුරුදු 06කට. එතුමා පත්වුනාට පස්සෙ 19 වෙනි සංශෝධනය ඇවිත් ඒක 05 උනාම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් 05යි ඉන්න පුළුවන් උනේ. එනිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වෙන්නෙ අවුරුදු 05ක කාලයක් සඳහා.

 

ඒක නිසා ගෝඨාභය රාජපක්ෂගෙ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මය ඉන්නෙ ගෝඨාභය පත්වෙච්ච අවුරුදු 05හේ ඉතිරි කාල සීමාව සඳහා පමණයි. එනිසා කිසීම හේතුවකින් එයාට අවුරුදු 06ක් ඉන්න බෑ!

 

අනික් එක ජනමත විචාරණයක් තියෙනව කියල මයින්ඩ් ගේම් ගහනව ආණ්ඩුව. කන්ෆියුස් තීරණනේ මේ දෙන්නෙ. ජනමත විචාරණයකට යන්න කලින්  තුනෙන් දෙකක් ගන්න ඔින පාර්ලිමේන්තුවේ.

 

ආණ්ඩුවට කොහෙන්ද තුනෙන් දෙකක්?

ඒ නිසා මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නෑ.

 

ඒ නිසා පැහැදිලිවම ලබන මාසෙ 16 වෙනිදයින් පස්සෙ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලැබෙනව. ඒක රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ආණ්ඩුවේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් නෙවෙයි.

 

ඒ වගේම ඔක්තෝබර් මාසෙ 16ත් සැප්තැම්බර් 16ත් අතර දවසක අනිවාර්යයෙන් මැතිවරණය පැවැත්වීමට නියමිතයි, නියමිත පරිදි".