SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි මැතිවරණ සිතියම වසරකින් ඉදිරියට යනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පවතින දේශපාලන අර්බූධය ජය ගැනීමට ප්‍රභූ දේශපාලනයට තවත් කාල වේලාවක් අවශ්‍යව ඇති බැවින් මෙවැනි තීරණයක් ගනු ඇති බවත් කතාබහට ලක්ව ඇත.

 

ජනාධිපති ධූරය පෙර පැවතියේ වසර හයකට වන අතර එය යහපාලන රජයේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වසර 5කට අඩු කළ අතර එය සිදු කළේද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් බවත් මෙවර රටේ ආර්ථිකය නගා සිටුවීමේ අවශ්‍යතාව මත නැවත වරක් ජනාධිපති ධූර කාලය වසර හයකට දීර්ඝ කිරීමට අදහස් කර ඇති බවත් කනින් කොනින් කියවෙන්නට පටන් ගෙන ඇත.

රජයට සම්බන්ධ ආරංචිමාර්ග වලින් මේ පිළිබඳ කතා පැතිර යෑමට පටන්ගෙන ඇති අතර ඒවා තවදුරටත් සනාථ කෙරෙන ආකාරයට ජනාධිපතිවරයා විසින් සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීම ගත් තීරයන් ද බලපා ඇතැයි පැවසේ.

තවද නීතිපතිවරයාටද සේවා දිගුවක් ලබාදී ඇති අතර ඒ පිළිබඳව නීති විශාරදයෙක් සහ හිටපු අධිකරණ අමාත්‍යවරයෙක් වූ ජී ඇල් පීරිස් පවසන්නේ මෙරට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් දී නොමැති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ය. ඔහු කියන්නේ නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත් 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය බවත් ය.

දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව තිබූ ත්‍රිවිධ  හමුදාපතිවරුන් සහ සියලු ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිවරයා ගත් මෙම තීරණයත් සමග ලබන දෙසැම්බර් මාසය වන තෙක් ඔවුන්ගේ තනතුර බලාත්මක වන බව පැවසේ.

 

ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට පහසුවක් වනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි ආරංචිමාර්ග කියා ඇත.

 

#Gossip