SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවෙි සංචාරය  කරනු ඇතැයි විශ්වාස කරන බව

ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ  නවදිල්ලි නුවර දී අද (10)පවසා ඇතැයි වාර්තා වේ.

 

අගමැති නරේන්ද්‍ර මෝදි ගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අතර පැවති විශේෂ හමුවේදී මෙරටට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර ඇති බවත් එකී වාර්තාවේ සඳහන්.

 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ද  ජය ශංකර් අමාත්‍යවරයා කියා ඇත.

 

එහිදී  ශ්‍රී ලංකාවේ කෙරෙන ඉන්දීය ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලන බවත් අතරමග නතර වී ඇති ව්‍යාපෘති නැවත ඇරඹීමට කටයුතු කරන බවත් අමාත්‍ය ජයශංකර් දැනුම් දී ඇත.

 

අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු උනා යැයි පැවසේ.

 

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය සම්බන්ධයෙන්ද අදහස් පලකර ඇති අතර  ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව ද දන්වා ඇත.

 

ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද  අමාත්‍යවරයා ගේ අදහස වී ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුලත් වන බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.