SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

 

මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද සහභාගී වී තිබුණි.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ  Sands Active පුද්ගලික සමාගම මෙල්ඩෝල් නමින් නව ඖෂධයක් එළිදක්වා ඇති බවත් එය හිසරදය සඳහා භාවිතා කරන ඖෂධයක් බව ත් ය.

මෙම  කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තවත් ඖෂධ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් සිදු කළ ආයෝජනය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙල්වා සමූහ ව්‍යාපාරයට ප්‍රශංසා කළේ ය.

 

ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

 

“ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඖෂධ ප්‍රති මිලදී ගැනීමේ පහසුකමක් තිබිය යුතුයි කියන පදනම මත ගත් තීරණය අප එදා අනුමත කළා. එම තිරණයේ ප්‍රතිඵලයක් ලෙස අද මේ ආයතනය තිබෙනවා. ඒ තුළින් මේ කර්මාන්තයට උපකාරයක් සිදුවන අතර එය යහපත් තත්ත්වයක් බවද සඳහන් කළයුතුයි.

 

ඇත්ත වශයෙන්ම මේ හරහා දේශීය වෙළෙඳපොළට ඖෂධ සපයන කර්මාන්ත ශාලාවක් ආරම්භ වී තිබෙනවා. නමුත් අපනයන හැකියාව මත Sands Active සමාගම දැනටමත් තමන්ගේ නිෂ්පාදනයෙන් කොටසක් අපනයනය කිරීමට යොමුව තිබෙනවා.

 

විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් මේ වන විට ඔවුන් විවෘත කර තිබෙනවා. ඔවුන් අපනයනය සඳහා තවදුරටත් යොමු විය යුතු බව අප ඔවුන්ට මතක් කර දී තියෙනවා. මෙය එක් උදාහරණයක් පමණයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන තවත් බොහෝ නිෂ්පාදන, බොහෝ ව්‍යාපාර මෙල්වා සමාගම විසින් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ මෙම සමූහය වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම එය ඉතා සාර්ථක වී තිබෙනවා.”

 

ra ji

 

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත තම පාක්ෂිකයින්ගේ හමුවක් අමතමින් කියා සිටියේ ඉදිරියට පැමිණීමට නියමිත මැතිවරණය අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවත්, අපගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවත් ය.

 

මේ රට වැටී තිබුණු තැන ගැන මතකයට නැංවූ සේනාරත්න මන්ත්‍රීවරයා තෙල් නැවක් වරායට ආ පසුව එහි තෙල් මිළදී ගැනීමට එල්සී එකක් ඇරගනිමින් ඩොලර් ගෙවා තෙල් ටික මිළදී ගැනීමටවත් හැකියාවක් නැතිව සිටි බවත්, සියල්ලන් අතරින් තනි මිනිහෙක් ලෙස මේ බර කරට ගනිමින්, රට බාරගනිමින් ඒ සියල්ල ක්‍රම ක්‍රමයෙන් යථාවත් කළේ වත්මන් ජනාධිපතිවරයා බව අමතක නොකළ යුතු බවත් පැවසීය.

 

නැවත පෝලිම් යුගයකට යනවාද යන්න පිළිබඳව ජනතාව තීරණයක් ගත යුතු බව කියන රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මෙවැනි තත්වයක් නැවත ආවොත් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව තරඟ වදින හැම නායකයෙක්ම ගැරන්ටියක් ඉදිරිපත් කළ යුතු බවත් අවධාරණය කරයි.

 

සම්පූර්ණ අදහස් දැක්වීම ...