SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ දේශපාලන පිටිය සම්පූර්ණයෙන්ම මේ වනවිට ඇත්තේ  මාධ්‍ය ග්‍රහණයේ ය.

එනිසාම නිවුස් ප්ලාන්ට් කරන්නන් විදිහට නම් දරාගනිපු පුද්ගලයින්ට වැඩ අධික ය. ආදායම ද වැඩිය.

 

ඔවුන් තමන්ගේ හෝ තමන් වැඩකරන දේශපාලන නායකයා වෙනුවෙන් හෝ අමු අමුවේ බොරු පුවත් ප්ලාන්ට් කරන අතර ලංකාවේ සමාජ මාධ්‍ය වෙබ් අඩිවි පමණක් නොව සමහර ජාතික පුවත්පත් ද ඒවාට හසුව ඇත.

ලාල් ගෙ කොළම අද කියන්නට යන්නේ මේ දිනවල එසේ ප්ලාන්ට් කර ඇති පුවතක් ගැනය. මන්ද එය අසත්‍ය පුවතක් බව හැඟුනත් එසේ විය හැකි යැයි සිතෙන තරමටම ලංකාවේ ප්‍රධාන මාධ්‍යයන් පුවත ආ මාර්ගය අනුව බලා එය පළ කර  ඇත.

ඊයේ  එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් ගේ අත්සනින් යුතුව ලිපියකින් කියැවුනේ එකී අසත්‍ය පුවතක් ප්ලාන්ට් කිරීම ගැනය.

 

WhatsApp Image 2024 06 08 at 13.03.57

 

අද වනවිට එම අසත්‍ය යැයි කියන ලද පුවත ලංකාවේ ජාතික පුවත්පතක් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ද  පළකර ඇත.

මේ ගැන ජනරජ පෙරමුණෙන් ඇසූ විට ඔවුන් කියන ලද්දේ මේ පිළිබඳව ජනරජ පක්ෂයේ නායකයාම අදාළ පුවත්පතට කතාකළ බවත් එහි අසත්‍යතාව සොයා බලා එම පුවත නිවැරදි කරන ලෙස දැනුම් දුන් බවත් ය.

 

පුවත්පත වෙත එම පුවත ලද සැටි ද දැන් හෙළි ව අවසන් ය.

 

තත්වය එසේ වුවද ඊයේ වනතුරුත් ‌මේ පුවත් පැලකරන්නා ගැන නිසි අවබෝධයක් නොතිබුනද එහි සැබෑ පතුරුවන්නා කවරෙක්ද යන්න ගැන තොරතුරු ලැබී ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියන්නේ ය.

 

මේ සියල්ල ඇරඹුනේ ශ්‍රිලනිපය විසින් නව  සන්දානය ඇරඹීමත් සමග බවත් ඒ සඳහා අතිවිශාල ජනතාවක් එක්ව සිටින නිසා බවත් තතු දත් අය පවසන්නේ ය.

 

මෙම ශ්‍රිලනිප නව සන්දානය සමග පාඨලී චම්පික රණවකගේ දේශපාලන පක්ෂයේ සම්බන්ධතා සාකච්ඡා නතර කර දැමීමටත් එම සන්දානයේ සම්පූර්ණ පාලනය රනිල් පාර්ශ්වය වෙත ලබාගැනීමටත් කරන ලද තවත් එක් ක්‍රියාවක් ලෙස සමීපතමයන්ගේ අදහස වී ඇත. ඊට හොඳම ක්‍රමය පාඨලී චම්පිකව රාජපක්ෂලාට සම්බන්ධ කර කතා පැතිරවීම යැයි ඔවුන් පවසන්නේ ය.

 

මීට පෙර කාලවලදීද මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් ලබාදෙන පුවත් තවත් කෙනෙකුට එරෙහිව පාවිච්චියට ගත් මාධ්‍ය ලෝකයේ දේශපාලන අවස්ථාවාදීන් ගැන බොහෝ දෙනා හොඳින් ම දනිති.

 

එක්තරා යුගයක ශ්‍රිලනිපයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මහලේකම්ව සිටියදී ඔහුව එම තනතුරෙන් ඉවත් කරන තෙක්ම මේ නිවුස් ප්ලාන් කරන්නන්ට වැඩ අධිකව තිබුණු බවත් කියැවේ. ඒ හැම අවස්ථාවකම ඊට යොදා ගත්තේ ප්‍රතිවාදීන්ව ය. ඒ ද ප්‍රතිවාදීන් කෙරෙහි ඇති දයාවක් නිසා නොව තම අරමුණ වෙනුවෙන් බව කිව යුතු ය.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ ප්‍රචාරණ සේවා සපයන්නන් විසින් මේ වනවිට මෙවැනි ක්‍රියා තම පළපුරුද්ද  හා කුසලතාව අනුව කරමින් සිටින බව ප්‍රචලිත ය.

 

මැතිවරණයකදී අසත්‍ය පුවත් පැල කිරීම මගහැර යා නොහැකි වන නමුත් අඩුම තරමේ ජාතික මාධ්‍යය හෝ ඒ පිළිබඳව දැනුවත් විය යූතුය.

 

ඉටියෙන් හෝ මැටියෙන් හෝ වික්‍රමසිංහ ජනාධිපතිවරයාව යළිත් ගෙන එන්නට කියා කරන මේවැනි වැඩ නිසා අපකීර්තියට හා අවදානමට ලක්වෙන්නේ ද ඔහුම බව ජනාධිපතිවරයාට හිතවත් පිරිසගේ අදහස වී ඇත.

සමහර පරණ ක්‍රම විසින් පවතින තත්වයට  විනාශයම උදා කරනු නොවැලැක්විය හැකි ය.

 

@ලාල්ගේ කොළම