SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මේ වනවිට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේ පැවැත්වෙන “මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමුහිකය” සංවිධානයේ ජාතික මහ සමුළුවට

පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළම නිලධාරීන් රැසක් සහභාගී වී ඇතැයි වාර්තා වේ.

 

එම සමුළුවට සභාගී වී සිටින විශ්‍රාමික ඉහළ පොලිස් නිලධාරීන් අතර අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුයේ ප්‍රධානීව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ මාර්ක්, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි සෙනෙවිරත්න, ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයතිලක, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක විපුල හෙට්ටිගේ මෙන්ම, විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන් ඩබ්ලිව්.ඩී ශ්‍යාමා කුමුදිනී වෙල්ගම ඇතුළු ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටී.

 

ඊට අමතරව සමුළුව ආරම්භ කරමින් පහන් දැල්වීමේ අවස්ථාවට, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එල් රණවීර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ,විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය කිංස්ලි වික්‍රමසූරිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිනී නවරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේගුණරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඕ.කේ හේමචන්ද්‍ර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇල්ෆ්‍රඩ් විජේමාන්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිනී කරුණාතිලක මහතා, හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂමන් සිල්වා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්නප්‍රිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.කේ රණවීර, විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.එස්බී මනම්පේරී, විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර් රාජපක්ෂ, පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම් ධම්මික, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක කේ.එම්.වයි අලහකෝන් යන විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහභාගී ව ඇත.