SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජූලි මස මුල දී ජනමත විචාරණයකට යෑමට ආණ්ඩුවේ සැලසුමක් පවතින බව ටිරාන් අලස් අමාත්‍යවරයාට අයත් යැයි සැලකෙන ඉරිදා මව්බිම පුවත්පත හෙළිකර ඇත.

ඒ සඳහා වන සාකච්ඡා කිහිපයක් ජනාධිපති කාර්යාලයේ දී සහ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පවත්වා ඇති බවත් එහි සඳහන්.

 

සම්පූර්ණ ලිපිය පහතින්...

 ජනමත 2

 

ජනමත විචාරණයක් හරහා ජනාධිපතිගේ ධුර කාලය වසර දෙකකින් දිගු කර ගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලයද ඒ අනුව වසර දෙකකින් දීර්ඝ කරගත යුතු බවට කොන්දේසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

 

එවැනි එකඟතාවක් ජනාධිපතිවරයා විසින් ඇති කරගතහොත් බහුතරයක් මන්ත්‍රීවරුන් ජනාධිපතිගේ ධුර කාලය දිගු කර ගැනීම සඳහා වන ජනමත විචාරණයකට එකඟව අත ඔසවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

එමෙන්ම අනාවරණය වූයේ ජුලි මස මුල ජනමත විචාරණයකට යෑමට ආණ්ඩුවේ සැලසුමක් පවතින බවයි.

විශේෂයෙන්ම නවක මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වීම වළක්වා ගැනීමට නම් ඔවුන්ගේ ධුර කාලය තව වසර කිහිපයක් ඉදිරියට පවත්වාගෙන යා යුතුව තිබේ.

 

ඒ අනුව ජනාධිපතිවරයාට සමීප අති බහුතරයකගේ මතය ජනමත විචාරණයකට යෑම සුදුසු බවත් ඔවුන්ගේ තර්කය වනුයේ රට වසර දෙකක් තුළ ස්ථාවර කර ගෙන ඉන් අනතුරුව ජාතික මැතිවරණයකට යෑම වඩාත් සුදුසු බවත් යැයිද ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

1982 වසරේ ජේ.ආර්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කාලය දිගු කර ගැනීමේදී කළ ජනමත විචාරණයක ආකාරයට කළ හැකිදැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ පුද්ගලයන් නීති විශාරදයන්ගෙන් විමසා ඇති අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යම් බාධා පැන නැඟෙන්නේ නම් ඊට ගත හැකි විකල්ප කවරේද යන්න ඔවුන් නීති විශාරදයන් හමුවේ විමසා ඇති බව ද දැනගන්නට තිබේ.

 

මේ පිළිබඳ ජනාධිපති කාර්යාලයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවෙත්, බත්තරමුල්ල “වෝටර්ස් එජ්” හෝටලයේදීත් විශේෂ සාකච්ඡා දෙකක් පවත්වා ඇති බවද දැනගන්නට ලැබේ.

 

කෙසේ නමුත් නීති විශාරදයන්ගේ තර්කය වනුයේ ජනමත විචාරණයක් පැවැත්වීමේ අවස්ථා දෙකක් හිමි වන අතර ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් යොමුකර ජනමතයක් විමසිය හැකි වීමත්, දෙවැන්න පාර්ලිමේන්තුවේ පනතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් එහිදී ජනමත විචාරණයකට යා හැකි වීමත් බවය.

 

එමෙන්ම පාර්ලිමේන්තුවේ මුස්ලිම්, දෙමළ මන්ත්‍රීවරුන් තිහකට ආසන්න ප්‍රමාණයක් සිටින අතර ඔවුන් බහුතරයක් ජනමත විචාරණයක් සම්බන්ධ මතය මේ මොහොත වන විටත් නිසි ලෙස පැහැදිලි කර නොතිබීම තුළ ජනමත විචාරණයකට ඔවුන්ගේ කැමැත්ත හිමි වේද අහිමි වේද යන්න නිශ්චිත නොමැති වටපිටාවක්ද මතුව තිබේ.

 

ඊට හේතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පවතින ධුර කාලය තුළ පනතේ රාශියක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අතර ඊට එම පක්ෂවල පෙනී සිටීම බොහෝ අවස්ථාවන්හි මඟ හැරී බව පෙන්නුම් කිරීමද මීට බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

කෙසේ නමුත් විපක්ෂයේ මතය වන්නේ මැතිවරණයක් කලේ දැමීමට නීතියක් ගෙන ආවොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් හා ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු වන අතර පාර්ලිමේන්තුවේ කාලය හා ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීතියක් ආණ්ඩුව විසින් සැකසිය යුතු බවයි.

 

උදාහරණයක් ලෙස ජාතික වශයෙන් ඉතාම වැදගත් පනතක් වූ විදුලි බල පනතටද පසුගියදා (6දා) ආණ්ඩුවට පක්ෂව ඡන්ද හිමි වූයේ 103ක් වන අතර ආණ්ඩුව 150 ක බහුතරයක් ලබා ගැනීමට නම් ව්‍යවස්ථා රාමුවෙන් පිට ඔවුන්ට කටයුතු කිරීමට සිදුවනු ඇති බව ද විපක්ෂයේ මතය වේ.

 

තවද ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ ජනමත විචාරණයක් ගෙන එන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානම් බවය.

 

@ඉරිදා මව්බිම