SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

සිය තෙවැනි ධුර කාලය සදහා දිවුරුම් දීම හෙට (09) ඉන්දීය ජනාධිපති ද්‍රොව්පදි මුර්මු ගේ ප්‍රධානත්වයෙන් රාශ්ටපතිභවන් හිදී පැවැත්වේ.

 

මෙම දිවුරුම් දීමේ උත්සවයට ආසියානු කලාපයේ රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆිෆ්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හංසිකා, මුරිසි අග්‍රාමාත්‍ය ප්‍රවීන්ද් කුමාර්, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්පකමල් දාහල්, භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ යන නායක නායිකාවන්ට ආරාධනා කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.