SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ කුහක ක්‍රියාවක් සිදුවෙමින් පවතින බවට

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

 

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම කාරක සභාවේ සාමාජිකයන්ගෙන් අත්සන් එකතු කරන බව මන්ත්‍රීවරයා කියා සිටී. තව දුරටත් තමාව ධුරයට අවශ්‍ය නැතිනම් ඉල්ලා අස්වීමට තමන් සුදානම් බව ඔහු පවසයි.

 

‘මේ ප්‍රශ්න නිසා පීඩනය වැඩිවෙලා මැරෙන්න පුළුවන්. මං ඉන්නෙ ආතතියෙන්’ බව ඔහු කියයි.

 

අදාල කාරක සභාවේ රාජකාරි කරගෙන යාමේදී තමන්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවූ බවත් එකතු කල අගය මත බද්ද සම්බන්ධයෙන් දරන ලද ස්ථාවරය නිසා තමන්ව ඉවත් කිරීමට සූදානමක් පැවති බවත් මන්ත්‍රීවරයා චෝදනා කර ඇත. ඇතැම් අවස්ථාවල කාරක සභාවේ කාර්යමණ්ඩලයට ඇතැම් ගෙවීම සඳහා තම පුද්ගලික මුදල් පවා භාවිතා කිරීමට සිදුවූ බවද ඔහු සඳහන් කරයි.