SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ නායක  පාඨලී චම්පික රණවකට එරෙහිව වැරදි ප්‍රවෘත්ති නිර්මාණය කරමින්

සමාජ වෙබ් අඩවි හරහා ඒවා පළකර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් ලෙෂාන් විදානගමාච්චි විසින් දැනුම් දී ඇත.

 

දේශය වෙනුවෙන් එක් පියවරක් වැඩ පිළිවෙල හරහා වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බූධයට මුහුණ දිය යුතු ආකාරය සහ ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකඟවිය හැකි පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා කළ බවත් රට බංකොළොත් කිරීමට සෘජුවම දායක වූ දේශපාලන පක්ෂ සමග තම පක්ෂය සාකච්ඡා නොකරන බවත් මාධ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇත.

 

ලෙෂාන් විදානගමාච්චි විසින් මාධ්‍ය වෙත මුදාහැර ඇති ලිපිය මෙසේ ය.

 

සාවද්‍ය පුවත් වාර්තාවක් නිවැරදි කිරීමයි..!

 

"දෙවරක් සජිත් හමු වුවත් දොර වැහෙයි, අලුත් පාරක් කපන්න චම්පික රහසේම බැසිල් හමුවෙයි" යන මැයින් වූ සිරස්තල සහිත පුවත් ඊයේ (2024.06.07) දින සිට වෙබ් අඩවි කිහිපයකම පල කොට තිබේ. ඒවායේ කියැවෙන පුවත සාවද්‍ය බව අපි අවධාරණය කරමු.

 

එක්සත් ජනරජ පෙරමුණ විසින් 2024 පෙබරවාරි 14 දින ජනගත කෙරුණු "දේශය වෙනුවෙන් එක්වන පියවරක්" රට ගොඩ නගන වැඩපිළිවෙළ සියලු දේශපාලන පක්ෂ සමග විවෘතව සංවාදයට ලක් කිරීමට කටයුතු කරන ලදී.

 

ඒ අනුව, සමගි ජන බලවේගය ඇතුලු බොහෝ පක්ෂ සමග සාකච්ඡා සිදු කරන ලද්දේ අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ ය. එමෙන්ම, එම වැඩපිළිවෙල සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයෙන් ප්‍රතිචාරයක්  නොලැබුණු අතර, රට බංකොළොත් කිරීමට දායක වූ දේශපාලන පක්ෂ සමග අප සාකච්ඡා නොකරන බවටද අප ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියෙමු.

 

එනයින් රට බංකොළොත් කිරීම සඳහා සෘජුව ම දායක වූ කිසිවෙකු සමග සාකච්ඡා කිරීමක් අප විසින් සිදු කොට නොමැති බව නැවත අවධාරණය කරමු.

 

මේ අතර එම පක්ෂයේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර විසින් නිකුත් කර ඇති ලිපියක් මගිනුත් මෙවැනි මඩ ගැසීමේ වැඩ පිළිවෙලක් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කර ඇති බව දැනුම් දී ඇත.

 WhatsApp Image 2024 06 08 at 13.03.57