SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ  නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ

ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

 

මෙම මුදල අයකරගෙන නැතැයි පැවසෙන්නේ 2015 මැයි මාසයේ සිට 2018 ජුලි මාසය දක්වා කාලය  වෙනුවෙනි.

එසේම එම හිඟ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයිද  වාර්තාවේ දැක්වේ.

 

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එම ආයතනයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය අනුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා එම නේවාසිකාගාරය පාවිච්චි කිරීමට අවසර දුන් බවයි.

 

කෙසේ වෙතත් ඒ සඳහා බිල්පත් නිකුත් කර නොතිබූ  බවත් නේවාසිකාගාරය කුලියට ගත් නිලධාරීන්  පවා සොයාගැනීමට නොහැකිවී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

 

ඒ වෙනුවෙන්  මුදල් අය කර ගත යුතු වගකීම නිලධාරීන්ද සොයා ගැනීමට නොහැකිව ඇති බව එම ප්‍රධානීහු වැඩිදුරටත් සඳහන් කරති.

 

මේ තොරතුරු සඳහන් වන්නේ හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ  2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

 

@සුජිත් හේවාජූලිගේ ‍‍

ලංකාදීප