SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • එජාපයේ චන්ද්‍රසිරි සුරියආරච්චි විදේශ රැකියා විකුණා කෝටි ගණනක් ගසා කාලා

 

  • පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය විමර්ශන අරඹයි 

 

  • චන්ද්‍රසිරි සුරියආරච්චි සිය ජංගමය ක්‍රියා විරහිත කොට කොළඹට පලා ගිහින්  


එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව සංවිධායක චන්ද්‍රසිරි සුරියආරච්චි, විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට, කොරියාවය සහ කැනඩාවට යවන බව පවසමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.

 

විමර්ශනය මෙසේ ආරම්භ කර තිබෙන්නේ, පොළොන්නරුව, මැදිරිගිරියේ පදිංචි එච්. ආර්. නිමල් චන්ද්‍රරත්න විසින් 2024/05/31 වෙනි දින  පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය වෙත සිදු කර ඇති පැමිණිල්ලකට අනුවය. 

 

ඊශ්‍රායලයට  සහ කොරියාවට  රැකියා අයදුම්පතක් රුපියල් 150,000ත් ලක්ෂ දෙකක් අතර මුදලකට අලෙවි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හොත් විදේශගත වීම නවතා දමන බවටද චන්ද්‍රසිරි සූරියආරච්චි විසින් අදාළ පුද්ගලයින්ට තර්ජනය කර ඇත. 

 

මෙසේ රැකියා සඳහා රජයෙන් නොමිලයේ ලබාදෙන අවස්ථාවන් මුදලට අලෙවි කරන මෙවැනි සංවිධායකවරුන් වහාම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ යුතු බවත්, එවැනි ක්‍රියා නිසා එක්සත් ජාතික පක්ෂයත්, රජයත් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති වන බවත් පාක්ෂිකයෝ ප්‍රකාශ කර සිටිති. 

 

චන්ද්‍රසිරි සූරියආරච්චි අවුරුදු පහකට වරක් සිය දේශපාලන පක්ෂය මාරු කරන අවස්ථාවාදි පුද්ගලෙයකු ලෙස ප්‍රකට චරිතයක් වන අතර ප්‍රදේශවාසීන් කියන්නේ, උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ හබරණ හන්දියෙන් එපිටට යෑමට නොහැකි වී තිබෙන නිසා ඔහු මේ වන විට සිය ජංගම දුරකථනය ද විසන්දි කර ගෙන කොළඹට පලා ගොස් ඇති බව ය.

 

මේ අතර කැනඩාවේ රැකියා සඳහා ඔවුන්ගෙන් ලක්ෂ පණහක මුදලක්  අය කර ඔවුන්ගෙන්ම ගුවන් ගමන් ගාස්තු සහ හෝටල් පහසුකම් ලබා ගෙන චන්ද්‍රසිරි සූරියආරච්චි සතියක් ඔවුන්ගේ මුදලින්ම විනෝද සවාරි ගොස් එම පුද්ගලයින්ව කැනඩාවේ අතරමං කර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් සතියකින් තවත් පිරිසක් සමග පැමිණෙන බවට පොරොන්දු වෙමින් බව ද සැලවේ.. චන්ද්‍රසිරි  සුරියආරචිචි ගේ පුතා නීතිඥකු වන වන අතර සිය පියාගේ මෙම ව්‍යාපාරය සඳහා අවශ්‍ය කූට ලේඛන සකස් කර ඇත්තේ ඔහු විසින් බවත්  ආරංචිමාර්ග පවසයි.

 

කෙසේ වුවද ලංකාවේ පවතින ආර්ථික අර්බූධය හමුවේ මෙන්ම පශ්චාත් අරගල පසුබිම යටතේ  පසුගිය කාලය තුළ විදේශ රැකියාවන් වලට විශාල වශයෙන් තරුණ තරුණියන් ඇදී යෑම සිදුවිය.

 

ඒ සඳහා ඔවුන් රජය හරහා මෙන්ම පෞද්ගලික ඒජන්සි හරහාද කටයුතු කරයි.

රජය පවසා තිබුණේ  රටේ තරුණ තරුණයන් ඊශ්‍රායලය සහ කොරියානු රැකියා සදහා නොමිලයේ යොමු කරන බවයි.

 

එහෙත් පසුගිය දිනවලදී සමාජ මාධ්‍යයන් හරහා කියැවුනේ ඊශ්‍රායලයට කෘෂි කම්කරුවන් විදිහට රැකියා අවස්ථාවන් අවලංගු කර දමා තිබියදීත් රට පුරාම ඊශ්‍රායල රැකියාවන් සඳහා යැයි කියමින් රුපියල් 1500 බැගින් අයදුම්පත් ලබාදීමේ ජාවාරමක් ගැනය.

එසේම ඒ සඳහා වන පුහුණු පාඨමාලා රුපියල් 35000ක මුදලකට පවත්වාගෙන යන බවය.

 

මේවා සහ රැකියාවන් සඳහා යොමුවූ තරුණ ප්‍රජාව කෙසේ හෝ තම රට රැකියා සිහිනය සැබෑ කරගෙන ආර්ථික අර්බූධයෙන් ගොඩයා හැකි මගක් සොයන අතර තම සිහිනය ඉටුකර ගැනීමට ඔිනෑම මුදලක් ණය වී හෝ සොයා දීමට ඉදිරිපත් වීමද සාධාරණය. එසේම තම උවමනාව සපුරා ගැනීමට අවශ්‍ය නිසා ඒ හරහා සිදුවන අකටයුතුකම් ගැන කිසිවෙක් පැමිණිලි කිරීමට ද ඉදිරිපත් නොවේ. ඒ බව කූඨ වංචාකරුවන් මෙන්ම කූඨ දේශපාලනයේ නියැලෙන්නන්ද මනාව දනිති.

 

එනිසා මේවා බොහොමයක් තවමත් මාධ්‍ය කටකතා පමණක්බවට පත්ව ඇත. මේවා ගැන සොයාබලන්නන්ගේ වාර්තා ලද සැනින් සූරියාරච්චිලා වැනි දේශපාලකයින් මෙන්ම එම දේශපාලනඥයින් විසින් විවිධ ආයතනවලට පත්කර ඇති සමීපතම හිතවතුන් ද හෙළිදරව් වනු ඇත.

 

කෙසේ වුවද  මෙවැනි දූෂිත ක්‍රියා නිසා විදේශ රැකියා සඳහා වන රජයේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව අතර අප්‍රසාදයක් නිර්මාණය වීම සාධාරණ යැයි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය යයි මනූෂ නානායක්කාර පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

 

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා  වැඩි දුරටත් පවසා ඇත්තේ, විදේශ රැකියා සදහා තරුණ තරුණියන් යොමු කිරීම රජය විසින් නොමිලයේ සිදු කරන නිසා මෙවැනි වංචනිකයින්ට හසු නොවිය යුතු බවය. සමහර වංචනිකයින් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා මුදලක් අය කරන බවට තොරතුරු ලැබී තිබෙන බව ඔහු ද කියයි. එහෙත් කිසිවකු ඒ සම්බන්ධයෙන් පැමිණිලිකර නොමැති බව ඇමතිවරයා කියයි. මනූෂ නානායක්කාර ඇමතිවරයා කියා ඇත්තේ එවැනි වංචාකාරයින්ට එරෙහිව ළඟම ඇති පොලිසියට හෝ අමාත්‍යංශයට පැමිණිලි කරන ලෙස ය.

 

රට රැකියා වෙනුවෙන් ඔබත් වංචනිකයින්ට හසුවූ‌ අයෙක් නම් ඔබගේ අත්දැකීම අප වෙත යොමු කරන්න.

 

https://slleader.lk/

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

WhatsApp 0774945996