SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගංවතුර වන්දිය, තර්ජනයෙන් ගන්න බැරි බව කියා බිය වැද්දූ ආණ්ඩුවෙන් කොලොන්නාවට හිමි වන්දි මුදලත් රැගෙන තමා "සක්වල" වැඩසටහනට පැමිණි බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අද දැනුම් දුන්නේය.

ඒ කොටිකාවත්ත, රාජසිංහ ජාතික පාසල වෙනුවෙන් සුහුරු පන්ති කාමරයක් ලබා දීම වෙනුවෙන් පැවති "සක්වල" වැඩසටහනට එක්වෙමිනි.

 

විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් පරිත්‍යාග කෙරුණු 223 වැනි සුහුරු පන්ති කාමරය අද කොටිකාවත්තේදී විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදුවිය.

 

  • මීතොටමුල්ල ඩිපෝ භූමියට අංගසම්පූර්ණ ජාතික පාසලක්.
  • අද උදේ වනතුරු මෙම පාසල අවතැන් කඳවුරක්.
  • අවුරුද්දකට 100ක් කොලොන්නාවෙන් කැම්පස් යවන එක මගේ හීනයක්....!

 WhatsApp Image 2024 06 06 at 22.11.09

 

එම අවස්ථාවට එක්වෙමින් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

අද දින මෙම සුහුරු පන්ති කාමරය හිමි වන කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසල, අද උදෑසන වනවිටත් ක්‍රියාත්මක වූයේ ගංවතුරෙන් අවතැන්වූවන් රැඳී සිටින සහන කඳවුරක් ලෙස බවයි. නමුත් කිසිලෙසකින්වත් දරුවන්ගේ අධ්‍යාපනය ගංවතුරින් සෝදාපාළු වීමට තමන් ඉඩ නොතබන බවයි. මේ ප්‍රදේශයේ ගංවතුර ප්‍රශ්නය විසඳීමට තමන් ඉදිරිපත් කළ යෝජනා අතරමග නතර කර දැමූ වත්මන් රජය ඔබට හිමි ගංවතුර ආපදා හිමිකම ලබා නොදීමට අද පාර්ලිමේන්තුවේදී උත්සාහ ගත් බව මරික්කාර් මන්ත්‍රීවරයා මෙහිදී පැවසූවේය. කොලොන්නාවේ ජනතා නියෝජිතයා වශයෙන් තමාත්, ගරු විපක්ෂ නායකතුමාත් එක හඬින් සිදු කළ සටනේ ප්‍රතිපලයක් ලෙස වත්මන් රජය මේ ගමේ ගංවතුරින් පීඩා විඳින මිනිසුන්ට ලබා දෙන සොච්චම් සහනාධාර මුදලත් දිනාගෙන තමා මේ මොහොතේ පැමිණ සිටින බවයි.

 

කොළොන්නාව ඇතුළු කැළණි ගඟ අසබඩ කිසිදු ගමකට හෝ පුද්ගලයෙකුට ගංවතුරින් පීඩා විඳීමට තමා ඉඩ නොතබන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මෙහිදී සහතික විය. තවත් මාස 3කින් බිහි වීමට නියමිත සමගි ජන බලවේග රජය මගින් මන්ත්‍රීවරයාගේ සැළසුමක් අනුව ආරම්භ කෙරුණු ගංවතුර පාලන වැඩසටහන නැවත ක්‍රියාවට නංවන බවද ඔහු පවසා සිටියේය.

 

අඛණ්ඩව පාර්ලිමේන්තු වාර දෙකක් සඳහා තමන් දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් තේරී පත් වූ ජනතාවාදී නායකයෙකු වශයෙන්, තමාගේ පළමු අභිප්‍රායවන්නේ කොලොන්නාව මැතිවරණ බල ප්‍රදේශයේ දරුවන්ට නිසි අධ්‍යාපන අවස්ථා උදා කිරීමයි. එම ඉලක්කය සපුරාලීම සඳහා කොලොන්නාව බල ප්‍රදේශය තුළ මුල්ලේරියාව එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය, රාහුල විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ ගොතටුව මහ විද්‍යාලය  ජාතික පාසල් 4ක් ලෙස සංවර්ධනය  කිරීමට සැළසුම් කෙරේ. වර්තමාන මීතොටමුල්ල බස් ඩිපෝව එම භූමියෙන් ඉවත් කර කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සමාන පහසුකම් සපිරි, අංගසම්පූර්ණ පාසලක් ඉදිකිරීමටද යෝජිතයි. මේ සියලු සැළසුම් මගින් තමන්ගේ මුඛ්‍ය අපේක්ෂාව වන්නේ සෑම වසරකම කොලොන්නාවේ දරුවන් 100ක් වත් අවම වශයෙන් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීම බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය.

 

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විසින් මෙහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගෙන් ඉල්ලීමක් ද සිදු කරමින් කියා සිටියේ මෙම අධ්‍යාපන කලාපයේ අනෙකුත් පාසල් වලට සාපේක්ෂව කොලොන්නාවට දක්වන කුඩම්මාගේ සැළකිලි නතර කරන ලෙසයි.

 

කොලොන්නාව සංවර්ධන අරමුණ හරහා 1905 සුද්දන් හැදූ පැරණි පාලමේ සිට වේගවත් මංමාවත් හරහා ගොඩ නැගෙන අධි තාක්ෂණික නගරයට මං තීරු 3කින් යුක්ත අඹතලේ - ග්‍රාන්ඩ්පාස් පාර ඉදි කළ පසු අවශ්‍යවන්නේ උගත්, බුද්ධිමත් හා නවීන දැනුමින් - නව අදහස් වලින් පිරි දරු පරපුරක් පමණයි. ඒ සඳහා සූදානම් වීමට අධ්‍යාපනයෙන් සන්නද්ධ වන්නැයි කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසලේ දරුවන්ගෙන් ඉල්ලීමක්ද මන්ත්‍රීවරයා විසින් සිදු කෙරිණි.

 

WhatsApp Image 2024 06 06 at 22.11.12

 

කොලොන්නාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට නව තාක්ෂණයේ දොරගුළු විවර කර දෙමින් මෙම සුහුරු පන්ති කාමරය ලබා දුන් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත තමාගේ ස්තුතිය පිරිනමන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. එමෙන්ම කොලොන්නාව වෙනුවෙන් තවත් සුහුරු පන්ති කාමර 2ක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ප්‍රකට කලාකාරිණියක් මේ පාසලේ ආචාරිනියක් වශයෙන් කටයුතු කරයි.  මහාචාර්ය සනත් නන්දසිරි වන් ශ්‍රේෂ්ඨ, දැන උගත් කලාකරුවන් බිහි වූ මේ කොලොන්නව නමින් නැවත විප්ලවීය පරිච්ඡේදයක් ලියැවීමට තමන් සූදානම් බවද ප්‍රකාශ කළේය.

 

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති 233 වන "සක්වල" වැඩසටහන සඳහා ගොතටුව කන්දේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ, ඇල්හේන රතනසාර විහාරාධිපති ස්වාමීන්වහන්සේ, කොලොන්නාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා දම්මි කොඩිකාර ආරච්චි, කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසලේ විදුහල්පතිනි එස්. එම්. ජී. ප්‍රියදර්ශනී, හිටපු විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්, දෙමාපියන්, ප්‍රදේශවාසීන් හා දරුදැරියන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වකි.

 

"සක්වල" වැඩසටහන යටතේ පිරිණැමුනු සුහුරු පන්ති කාමරයට අමතරව, දරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවීම හා පාසලේ සංවර්නය උදෙසා මුදල් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි. උත්සව සභාවෙන් අනතුරුව පාසලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්‍ය මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණේ විපක්ෂ නායකතුමන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ගේ ප්‍රධානත්වයෙනි.

 

WhatsApp Image 2024 06 06 at 22.11.101

 WhatsApp Image 2024 06 06 at 22.11.13

WhatsApp Image 2024 06 06 at 22.11.112

@මාධ්‍ය ඒකකය