SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දින කිහිපයේ ඇද හැළුනු වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර තත්වයත් සමග කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 36කට අධික ප්‍රමාණයක

පහලොස්දාහකට වැඩි පිරිසක් පීඩාවට ලක්වුන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

යහපාලන රජය කාලය තුළ කොළොන්නාව යට වීම වැලැක්වීමට අවශ්‍ය කටයුතු සිදු කළත් යහපාලන රජය පෙරලීමත් සමග එහි කටයුතු ඇන හිටි බවත් පවසන මරික්කාර් මන්ත්‍රීවරයා තවත් ඒ වෙනුවෙන් සිදුකිරීමට ඇත්තේ වැඩ තුනක් පමණක් බවත් එය තව මිලියන 700ක පමණ වැඩක් පමණක් බවත් කියා සිටී.

 

 ඒ පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරන මරික්කාර් මන්ත්‍රීවරයා..

 

ko 5

 

“මූලාසනයේ ගරු මන්ත්‍රී තුමනි, මෙහිදී විශේෂයෙන්ම කියන්න ඔින අද අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ විවාදයක් තිබුණත් පහුගිය දවස්වල ඇති වෙච්ච ගංවතුර තත්වය එක්ක කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 36කට වැඩි අධික ප්‍රමාණයක් පීඩාවට පත් උනා. 2016 දී විශේෂයෙන්ම මිලි මීටර් 180ට වහින වෙලාවෙත් මහ ගංවතුරක් ආවා. 27000කට වැඩි පවුල් ප්‍රමාණයක් අසරණ උනා. මිලියන 2300ක් පමණ වන්දි ලබාදෙන්න සිද්ධ උනා. ගං වතුර බැහැල යන්න විශාල දවස් ප්‍රමාණයක් ගියා.

 

නමුත් මේ පාර මිලිමීටර් 450ට වහින වෙලාවෙත් සුළු ගංවතුර තත්වයක් තමයි ආවෙ.

 

විශේෂයෙන්ම 2016 ගංවතුරෙන් පස්සෙ අපි යහපාලන රජය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලත් ඉන් පිටතත් ප්ලැට් ගේට් හදල නාග ලගන් වීදියෙ පොම්පාගාර හදල අඹතලේ පොම්පාගාරයක් හදල ගංවතුර පාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා තමයි මේ මට්ටමට අඩු උනේ.

නමුත් කණගා‌ටුවෙන් උනත් කියන්න ඔින ඒ සම්පූර්ණ ව්‍යාපෘතිය ඉවර කරගන්න බැරි උනා, යහපාලන රජය නැති වීමත් එක්ක කලු පාළම සහ බෝධිය පටුමගේ ගහන්න තිබ්බ පොම්පාගාර නිර්මාණය කරන්න මේ ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ඒ නිසා තමයි අද මේ පීඩාවට ලක්වෙලා තියෙන්නෙ.

 

එහෙම නොවුනානම් ඒ පොම්පාගාර තිබුණානම් මීට වඩා අඩු ප්‍රමාණයකින් තමයි මේ ගංවතුර තත්වය බලපාන්නෙත් ඒවගේම ගංවතුර බැස යෑම ඉතා වේගයෙන් සිදු වෙන්නෙත්.

 

මේ පිළිබඳව මම වර්තමාන ජනාධිපතිවරයාට පැහැදිලි කරල 2022.10.31 වෙනිදා 2023 අයවැයෙන් මුදල් වෙන්කරන්න කියල මම ලිඛිතව ඉල්ලල තියෙනව. අද මේ වෙනකල් ඒ ගැන මොකුත් වෙලා නැහැ. මම ඒ ලිපිය සභාගත කරනවා.

 

ඒ වගේම මේ පිළිබඳව සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරල ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට දැනුම් දීමක් කරල තියෙනව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් 2023.10.09 වෙනිදා. නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා මේක යොමු කළාට SLRDC රජයේ මුදල් වෙන්කරල නැති නිසා ඒ කටයුත්ත සිද්ධ උනේ නෑ.

 

ඒ නිසා මේ කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුර පාලනය සඳහා තව වැඩ තුනයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා හැම අව්රුද්දෙම වෙසක් පෝයට සමගාමීව මේ ගංවතුර එන එක නවත්වන්න නම් තව මිලියන 700ක විතර වැඩක් තියෙන්නේ. බෝධිය පටුමගේ පොම්පාගාරයක් ඉදිකිරීම සහ කලුපාළමේ හදල තියෙන ප්ලැට් ගේට් එකට පොම්පාගාරයක් ඉතාම වේගයෙන් වතුර ගඟට අදින්න පුළුවන් විදිහට ඉදිකිරීමත් ඒ වගේම කොහිලවත්ත  හන්දියේ (එතැනින් තමයි වතුර කැරකෙන්න ගන්නෙ) එතැන එහා පැත්තෙ බියගම පැත්තට දාල තියෙනව වාගේ තාප්පයක් වැනි ආකාරයෙන් වතුර ඇතුලට නොඑන්න දැමීමෙන් මේ ප්‍රශ්නය සෑහෙන දුරකට පාලනය කරන්න පුළුවන්.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින් ...

 

මරික්කාර් මන්ත්‍රීවරයා කොළොන්නාව අවතැන් වූවන් පිළිබඳ සොයා බලමින්..

 

කො 1කො 2කො 3

 @මාධ්‍ය ඒකකය