SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ සහ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් ද,

ජනතාව සංවිධානය කරමින් සහ ජනතාවගේ අවශ්‍යතා සොයා බලමින් "United Youth" තරුණ බලවේගය සිදු කරන ජාතික මෙහෙවර මේ මොහොතේ රටට අතිශයින්ම වැදගත් වන්නේ යැයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.

 

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙන්වා දෙන්නේ මෙවැනි මැදිහත් වීමක් සිදු කළ හැකි ප්‍රබල තරුණ බලවේගයක අවශ්‍යතාවය කලක සිට රටට පැවති බවය.

 

campus yuth 2

 

"United Youth" මැදිහත් වීම හේතුවෙන් ශ්‍රී ලාංකේය තාරුණ්‍ය බිලි ගැනීම ජනතා විමුක්ති පෙරමුණට සහ අනෙකුත් අන්තවාදී, බල ලෝභී, පටු සහ දර්ශනයක්, වැඩ පිළිවෙළක් සේම ජාතික සහ ජාත්‍යන්තර ඉලක්කයන් නොමැති දේශපාලන පක්ෂවලට අභියෝගයක් වී තිබෙන බව ද එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

 

රට අතිශය තීරණාත්මක මොහොතකට මුහුණ දී සිටින අවස්ථාවක "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ "United Youth" නිර්මාණය කරමින් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් සංවිධානය කිරීමට එහි සභාපති සුදත් චන්ද්‍රසේකර ඇතුලු පිරිස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සිය ආචාරය පුද කරන බව ද ඔවුහූ පැවසූ බව සඳහන්. 

 

campus yuth 3

 

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ, අනාගතයේ දී රටේ දේශපාලන දිශානතිය සහ අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක් බවට "United Youth" පත් වනු ඇති බවය.

 

සේනාදිරියගම ප්‍රථමික විදුහල : පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීම

 

WhatsApp Image 2024 06 05 at 15.48.301

 

United Youth සංවිධානය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසහනක් පසුගිය දා දියත් කර ඇත. එහි මුල් අදියර වශයෙන් සේනාදිරියගම ප්‍රථමික විදුහල වෙත පාසල් උපකරණ සහ පොත්පත් එහි සිටින සියලුම සිසුන්හට බෙදාදීමක් සිදු කරුණු ලැබිනි.

 

WhatsApp Image 2024 06 05 at 15.48.291WhatsApp Image 2024 06 05 at 15.48.302

 

මෙහිදී දකුණු හුරුලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හබරණ මහා මහින්ද පිරිවෙන්හි කෘත්‍යාධිකාරී ටැම්පිට රාජමහා විහාරාධිපති පලුගස් වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මුළු දිවයිනටම සාමවිනිසුරු රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය බෝගස්වැවේ විපස්සි හිමියන් පවසා සිටියේ ආරාධිත කිසිම අමුත්තෙකු හෝ යුනයිටඩ් යූත් සන්විධානය, දේශපාලනය සදහා පාසැල් සහභාගිකරවා නුසුදුසු බව ආදර්ශමත් ලෙස ක්‍රියාවෙන්ම ඉෂ්ඨකර පෙන්වීම ඉතා ඉහලින් අගය කලයුතු ක්‍රියාවක් බවය.

 

WhatsApp Image 2024 06 05 at 15.48.28

 

මෙම පාසැල් උපකරණ බෙදාදීම යුනයිටඩ් යූත් සන්විධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, අධ්‍යක්ෂ ජෙනරාල් අසංක රත්නායක, ජාතික සංවිධායක රංගන ශිල්පි අර්ජුන කමලනාත්, භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා, සංචාරක එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නේලක ගුණරත්න, වෙෙද්‍ය එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෙෙද්‍ය හර්ෂණ සමරසිංහ සහ ක්‍රීඩා එකමුතුවේ , අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම, කාන්ත අංශයේ , අධ්‍යක්ෂ ජෙනරාල් රංගන ශිල්පිණි  ශෂිකලා හෙට්ටිආරච්චි සහ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක රිස්වි මොහොමඩ් අයවලුන්ගේ සහභාගිත්වයෙන් සහ පුද්ගල ධන පරිත්‍යාගයෙන් සිදු කරණ ලදි.

 

WhatsApp Image 2024 06 05 at 15.48.29WhatsApp Image 2024 06 05 at 15.48.30WhatsApp Image 2024 06 05 at 15.48.31WhatsApp Image 2024 06 05 at 15.48.32WhatsApp Image 2024 06 05 at 15.48.33

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය