SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි නම් කෙරෙන අතර  

ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය දිනා ඇත.

 

බහුතරය සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබුණු අතර, මෝදි සහ ඔහුගේ පක්ෂය අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ආසන 297 ක් දිනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

 

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොග්‍රස් පක්ෂය’ අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය දිනා ගෙන ඇත්තේ ආසන 213 කි.

 

 

තෙවැනි වතාවටත් ඉන්දීය මහ මැතිවරණය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය කිරීමේ සතුට සමරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනතාව ඇමතූ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම ජයග්‍රහණය ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවත්ය.

 

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ජයග්‍රහණය කළත් පක්ෂයක් ලෙස 18 වැනි ලොක් සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාවක් ලැබී නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 

india elec 3

 

2019 වසරේදී පැවැති මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය සියයට 37.36ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ආසන 303 ක් දිනා ගැනීමට සමත් වූවේය. එම ඡන්ද ප්‍රතිශතය 1989 වසරෙන් පසුව මහ මැතිවරණයකදී පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද විය.

 

ලොක් සභාව තුළ ආසන 400 දිනා ගැනීමේ අරමුණින් ඡන්ද සටන ඇරඹුවත් ප්‍රකාශිත සහ අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල මත භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 300 ආසන්නයට පැමිණ සෑහීමකට පත්වීමට සිදුවිය. රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ "ඉන්දියා" සන්ධානය මෙවර මැතිවරණයේදී කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියේය.

 

Rahul Gandhi 

 

මෙවර මහ මැතිවරණය අදියර 7 කින් පැවැති අතර ඒ සඳහා ඡන්දදායකයන් මිලියන 911.9ක් ලියාපදිංචිවී සිටියේය. අදියර 7 අවසානයේ මිලියන 644.08 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.63 ක් විය.

 

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී  සිටිය ද අග්‍රාමාත්‍ය මෝදිගේ මෙවර ඉලක්කය වූ පාර්ලිමේන්තුවේ ආසන 400 සීමාව පසු කිරීමට නොහැකී වී ඇත.

 

 

(එන්.ඩී.ටීවී.)