SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

දින 44 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වුවත්, ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් බැවින්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද කඩිනමින් සිදුවනු ඇත.

 

අද (4) උදෑසන 8 ට, පළමුවෙන් ගණන් කිරීම සිදුවූයේ තැපැල් ඡන්ද වන අතර, අනෙක් ඡන්ද ගණන් කිරීම 8.30 ට ආරම්භ විය. මේ වනවිට මැතිවරණ ප්‍රතිඵල ඉතා වේගයෙන් නිකුත් වෙමින් පවතී. 

 

උදෑසන 8.45 වනවිට අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ලොක් සභාවේ ආසන 543 න්, ආසන 184 ක් දිනා සිටියේය. ‘ඉන්දියා’ නමැති ඉන්දීය විපක්ෂ සන්ධානය දිනා සිටියේ ආසන 127 කි. බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වෙයි.

 

මෙවර මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය ආසන 400 ක් දිනා ගැනීමය. එසේ කිරීමට නම්, දකුණු ඉන්දීය ප්‍රාන්ත ඡන්ද දිනා ගැනීම කළ යුතුය. 

 

දකුණු ඉන්දීය ප්‍රාන්ත විපක්ෂ බලකොටු ලෙස සැලකෙයි. මේ වනවිට දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක බලය තහවුරු කර ගැනීමට ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී. එහෙයින් මෝදිගේ ආසන 400 සිහිනය බොඳ වනු නිසැකය.

 

(එන්.ඩී.ටීවී.)

lankadeepa