SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ‘සමහර පිරිස් මීට වසර කිහිපයකට කලින් මේ පක්ෂය දියාරු කරන්නට උත්සාහ කළා.

නමුත් අපේ පක්ෂය ඒ විදිහටම තියෙනව. අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා’ යයි හිටපු ඇමති රවි කරුණානායක පවසයි.

 

එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු 700කට පත්වීම ලිපි ප්‍රධානය කිරීමේ ඊයේ (03) පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව පවසා ඇත.

 

‘සමහර පිරිස් මීට වසර කිහිපයකට කලින් මේ පක්ෂය දියාරු කරන්නට උත්සාහ කළා. නමුත් අපේ පක්ෂය ඒ විදිහටම තියෙනව. අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා. අපේ පාක්ෂිකයන් නැවත පක්ෂයට ඒකරාශී වෙන්න පටන් අරන් තිබෙනවා. තව දවස් එකසිය විසි පහකින් මේ රටේ ජනාධිපතිවරණයක් තිබෙනවා. අපේ රටේ නිර්පාක්ෂික අපේක්ෂකයා විදිහට අපි ඉදිරිපත් කරන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය මාස තිහ ඇතුලේ මේ රටේ විශාල විප්ලවයක් ඇතිකළා.

 

මාස විසිපහකට පෙර මේ රටේ විදුලිය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. ප්‍රවාහනය තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. අද ඒ සියල්ල වෙනස් ආකාරයට වෙනස් කරලා තිබෙනවා. ජන ජීවිතයේ අමාරු වුණත් එදා තිබුණ තත්ත්වයට වඩා යහපත් කරලා නීති ගරුකව රට පාලනය කරන තත්ත්වයකට පත්කරල තිබෙනවා.

 

ඩුප්ලිකේට් පක්ෂ තුළින් වසර 75ක් පරණ එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට බෑ. අවසන් ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයාට ලක්ෂ පනස් පහක් පමණයි ඡන්ද ලබා ගැනීමට හැකියාව තිබුණෙ. ඉන් මාස හයකට පසුව තිබෙන මහා ජන්දයේදී එක්සත් ජාතික පක්ෂය දිය කරන්නට හදපු ඒ අයට ලක්ෂ පනස් පහ ලක්ෂ 27 ට අඩුවෙනවා. සියලුම මුස්ලිම් දෙමළ ඡන්ද සියල්ල ගත්තහම ලක්ෂ විසි දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් පමණයි සත්‍ය වශයෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ තිහක් නිහඬ වුණා.

 

නැවත වර්තමාන ජනාධිපතිවරයා නිසා ඡන්ද ලක්ෂ තිහක් අවදි වෙලා තිබෙනවා. අපි නැවත අපේ වැරදි හදාගෙන අලුත් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. අපි දෙයක් හිතන්නට අවශ්‍ය වන්නේ දිනන්නට ප්‍රථම මිසක් ජයග්‍රහණය කරාට පසුව නොවෙයි. ඒ නිසා ඉදිරි දින 105 තුළ අපි මහන්සි වෙලා වැඩ කරලා, අපේ ජනාධිපතිවරයා නැවත පත්කිරීමෙන් පසුව තමයි අපි විරාමයක් ගත යුතු වන්නේ කියන එක මතක් කළ යුතුයි. අපි නිර්පාක්ෂිකව සියලු දෙනාගේම සහයෝගය මේ මොහොතේ අපේක්ෂා කරනවා.

 

අනෙක් දේශපාලන පක්ෂ සිහින ලෝක වල සහ අන්තවාදී ගමන්වල සිටිනවා. ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේදී ඉලෝන් මස්ක් මුණ ගැහුණා. දැන් ත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගනුදෙනු කරන්න බැහැ කියපු අය කියන්න අරගෙන තිබෙනවා ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා. මෙවැනි සංවර්ධන අපේක්ෂාවන් එක්ක වැඩ කරන මොහොතට විරුද්ධ වන අයට මේ රටේ අනාගතයක් තියෙනවද කියන කාරණය අපි සිතා බැලිය යුතු වෙනවා’

 

@මාධ්‍ය ඒකකය