SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට තුළ උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය යටතේ කොලොන්නාව ආසනයේ පවුල් 5000ක්, පුද්ගලයන් 15000ක් පමණ ආපදාවට ලක්ව ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැළසීමේ රජයේ වැඩපිළිවෙල වෙනුවෙන් හදිසි ආපදා කමිටු රැස්වීම රජයේ නිළධාරීන් සහ දේශපාලන අධිකාරී සමග  ඊයේ (02) දින පැවති අතර එ සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්ව අදහස් දැක්වූ මොහොත කාගේත් අවදානයට ලක්විය.

 

රජයේ චක්‍රලේඛයට අනුව ආපදාවට ලක්ව අවතැන් කඳවුරු වල සිටින පුද්ගලයන්ට පමණක් ආහාර ලබාදීමට අවසර ලබාදී තිබූ අතර නිවෙස් වල සිරවී සිටින අය සඳහාත් ආහාර ලබාදීම සිදුකළ යුතු බව මෙහිදී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවෙස් වල සිරවී සිටින අය සඳහාත් ආහාර ලබාදීමට තීරණය කළ බවත්, වැසි ජලය පොම්ප මගින් කැලණි ගඟට පොම්ප කර යැවීමටත්, සනිපාරක්ෂක කටයුතු කිරීමටත්, යට වී ඇති ළිං ඉස පිරිසිදු කිරීමටත් අදාල තීරණ ගැනීම සිදුවූ බව ඔහු කියයි..

 

හදිසි 2

 

"මට කවුරුත් ආරාධනා කරේ නෑ, රැස්වීම තියනවා කියලා දැනගත්තා මං ආවා, මේක මගේ යුතුකමක්"  යැයි මරික්කාර් කියද්දී සාගල රත්නායක ඊට එකඟ වූ ආකාරය ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේ එජාප සජබ එකතුවක් පිළිබඳ කෙරෙන පෙර නිමිත්තක් බවට හැරවෙනු ඇති බවට සමහරුන් අදහස් දක්වා ඇත.

 

කෙසේ වුවද මෙවර හදිසි ආපදා තත්වය ඇතිවූයේ මැතිවරණයක් ආසන්නයේ වීම තුළ සහන සැළසීමේ තරඟකාරීත්වයක් ඇතිවිය හැකි බව සාකච්ඡාවට ලක්වුවද ඒ තුලින් දේශපාලනයේ පැරණි මිතුරන්ට අවස්ථාවන්ද නිර්මාණය වනු ඇති බවට මත පළ කෙරෙති.

 

හදිසි 3හදිසි 4