SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවිය.

ජනාධිපති ධුරය හිමිවූයේ, පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ය. ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

 

mexi 3

 

මෙක්සිකෝ ජනාධිපතිවරණ පමණක් නොව, පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පසුගිය දෙවැනි දා පැවැත්විණි. එහි ප්‍රතිඵල ඊයේ (3) නිකුත් කෙරුණි. මෙක්සිකෝවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ‘මොරේනා’ පක්ෂය සහ ‘පෑන්’ පක්ෂයයි. විපක්ෂය වන ‘පෑන්’ දේශපාලන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සෝෂිට්ල් ගැල්වේස්ය. ක්ලෝඩියා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව තහවුරු වුණු සැණින්, ගැල්වේස්ය පරාජය බාර ගනිමින් ඇයට සුබ පැතුවාය.

 

mexi 2

 

1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්‍යාඥවරියක වූවාය. මෙක්සිකෝ සිටි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ඒ, 2018 සිට 2023 දක්වාය. ක්ලෝඩියා, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ජනාධිපති මැනුවෙල් ලෝපේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙසය. මෙක්සිකෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි.

 

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 600 සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් මණ්ඩලයේ ආසන 128 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

 

(ඒ.එෆ්.පී.)

lankadeepa