SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ

භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි ආරංචිමාර්ග පවසයි. 

 

73 හැවිරිදි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ මෙවර මැතිවරණයෙන් ආසන 400 කට වඩා වැඩි ගණනක් දිනා ගැනීමය. කෙසේ නමුත්, පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ආසන 350 ත් 380ත් අතර සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි විශ්වාස කෙරේ.

 

දින 44 ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේ හෙට (4) ය.

 

මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ලොක් සභාවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ අරමුණින්ය.

 

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන්නේ කොංග්‍රස් පක්ෂයයි. කොංග්‍රස් පක්ෂය සෙසු සියලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ නව සන්ධානයකිනි. මෙය ‘ඉන්දියා’ යනුවෙන් හඳුන්වා ඇත.