SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවකු නොසිතිය යුතු බවත්,

රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

 

එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින  ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බව කියා සිටියි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කියා ඇත්තේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක් වෙමින් ය. 

 

කිසිඳු දේශපාලන පක්ෂයකට රට ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් නැති බවත් එවන් සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස කියා ඇති ජනාධිපති වික්‍රමසිංහ එසේ නොමැති නම් රටේ අනාගතය වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතියට සහාය ලබා දෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා ඇත.