SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස්

ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව ජලයෙන් යට වී පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

 

gan wathura 2

 

අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්‍රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකු මෙලෙස ජලයෙන් යට වී මියගොස් ඇති බවත් තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවත් එම ඒකකය පවසයි.

 

ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව පවසති.

 

කඩුවෙල අධිවේගී පිවිසුමත් තාවකාලිකව වහයි

 

gan 3 kaduwela

 

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන්  කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි .

 

ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ  කඩවත  දෙසට  වාහන ඇතුළුවිය නොහැකි බව  එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි .

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය වහයි

 

gan 4 nuwara para

 

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නැව්ගල ප්‍රදේශයේදී විශාල මාර ගසක් මාර්ගය හරහා කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මුළුමනින්ම අවහිර වී තිබේ.

 

මෙම අනතුරින් කිසිවකුටත් හානි සිදු වී නොමැති අතර එහි ගමන් ගන්නා රියැදුරන්ට විකල්ප  මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

කාලගුණයෙන් රතු නිවේදන..

 

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

  ඉදිරි පැය 24 ට වලංගුවන පරිදි  දහවල් මෙම  නිවේදනය නිකුත් කර තිබේ.

 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලත් මි.මී. 150 ට වැඩි ඉතො තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

@කාලගුණ පුවත් උපුටාගැනීම- ලංකාදීප