SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර ඇත.

 

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

පුද්ගල මරණ 07ක්,

පවුල් 4947 කට අයත් පුද්ගලයින් 17,119 දෙනෙකු ආපදාවට..

 

පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ වන විට පුද්ගල මරණ 07 ක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

ඒ අනුව අයහපත් කාලගුණයෙන් පවුල් 4947 කට අයත් පුද්ගලයින් 17,119 දෙනෙකු ආපදාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

 

ඉදිරි පැය 48 තුළ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසට  අදාළ අංශ අනතුරු අඟවා ඇත.