SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංකොළොත් බවෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව කෙරෙහි සහකම්පනයකින් යුතු මානුෂික වැඩපිළිවෙළක් ලෙස  එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ

ශ්‍රී ලංකාවේ සියලු සබුද්ධික දේශපාලන පක්ෂ, සංවිධාන සහ පූජ්‍ය පක්ෂය වෙත ඉදිරිපත් කළ බවත්, එම වැඩපිළිවෙළ මූලික කරගෙන සාමූහික ඉදිරි දැක්මක් සහිත ආණ්ඩුකරණයක් සඳහා සියළු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පැවැත්වූ අතර, එය පදනම් කරගනිමින් රට වෙනස් කළ හැකි දේශපාලන සන්ධානයකට අද වන විට පුළුල් පදනමක් දැමීමට එක්සත් ජනරජ පෙරමුණ සමත් වී ඇති බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, බන්දුල චන්ද්‍රසේකර ප්‍රකාශ කරයි.

 

ඒ, ඊයේ  (01) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමිනි.

 

urf 7

 

“අප පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 20 ක සංවිධාන කටයුතු සිදු කර තිබෙනවා. එය අප ලබා තිබෙන විශාල ඉදිරි පියවරක්... පක්ෂයේ නායකත්ව මණ්ඩලය හැරුණු විට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, ආසන සංවිධාන මෙන්ම, ප්‍රාදේශීය ඡන්ද කොට්ඨාස මට්ටම දක්වා වූ සංවිධාන ව්‍යුහයක් අද අපට තිබෙනවා. අද මෙම සමුළුවෙන් ඒ බව මොනවට පැහැදිලි වෙනවා. දිස්ත්‍රික් සමුළු 14 ක් හා ආසන මට්ටමේ රැස්වීම් 75 ට ආසන්න ප්‍රමාණයක් ගෙවීගිය වසර තුළ අප පවත්වා තිබෙනවා.

 

පීඩාවට පත් සාමාන්‍ය ජනතාව කෙරෙහි සහකම්පනයකින් යුතුව, මනුෂ්‍යත්වයේ වැඩපිළිවෙළක්, “දේශය වෙනුවෙන් එක්වන පියවරක් ” නමින් අප ඉදිරිපත් කළා. මෙරට සියළු සබුද්ධික දේශපාලන පක්ෂ වෙත එම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවා. පසුගියදා එම වැඩසටහන, රටේ ප්‍රබුද්ධ බෞද්ධ ස්වාමීන්වහන්සේලාට අප ඉදිරිපත් කරනු ලැබුවා. එම වැඩපිළිවෙළ මූලික කරගෙන සාමුහික ඉදිරි දැක්මක් සහිත ආණ්ඩුකරණයක් සඳහා සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පැවැත්වූවා. එය පදනම් කරගනිමින් රට වෙනස් කළ හැකි දේශපාලන සන්ධානයකට අප අද වෙන කොට පුළුල් පදනමක් දමා තිබෙනවා.”

 

මෙහිදී 2024/25 වසර සඳහා පක්ෂයේ නිලධාරී මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ ජාතික මණ්ඩලය ප්‍රකාශයට පත් කොට පක්ෂයේ අනුමැතිය ලබා ගන්නා ලදී.

 

urf 8. 1jpg

 

ජනරජ ජාතික මහා සමුළුව ඇමතූ, තරුණ අංශයේ නායක, එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල;

“වචනවලින් තොරණ් ගහන, සමාජ මාධ්‍යයේ පෙරළි කරන දේශපාලන කණ්ඩායම්වලට අපේ ප්‍රශ්නවලට පිළිතුරක් නැහැ කියන එක පැහැදිලියි. බංකොළොත් රටේ ජනතාවගේ ඡන්දය කොල්ලකන්න බලාගෙන ඉන්න, බංකොලොත් බවට හේතුවූ කණ්ඩායම්වලට උදව් කරපු පිරිසට නැවත රටේ ජනතාව රවටන්න අපට ඉඩ නොදිය යුතුයි.”

 

වෙනත් පක්ෂ වගේ හැමෝම දන්න ප්‍රශ්න නැවත වටයකින් කියවනවා වෙනුවට ඒ ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කරපු පක්ෂයක් අපි. ඒ උත්තර වෙනත් දේශපාලන පක්ෂ විසින් තමන්ගේ වගේ සමාජගත කරනවා. ඒකෙ ගැටළුවක් නෑ. මේ පක්ෂය කටින් පමණක් නොව ක්‍රියාවෙනුත් තරුණ තරුණියන්ට අවස්ථාව දුන්නු පක්ෂයක්. මමත් එහි ප්‍රතිඵලයක්.”

 

urf 1

 

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, දොස්තර රාජිත සේනාරත්න, ඒ.එච්.එම්. ෆවුසි, සුසිල් ප්‍රේම්ජයන්ත, ලසන්ත අලගියවන්න, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, මහාචාර්ය චරිත හේරත්, මනෝ ගනේෂන්, මහා සංඝරත්නය ඇතුලු ආගමික නායකයින් ද, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

 

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ අදහස් දැක්වීම පහතින්...

 

urf6urf9urf 5urf 8. 1jpgurf 9urf 10