SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක පරිසර දිනය ජුනි මස 05 දිනට යෙදී ඇත.

මෙවර පරිසර දින තේමාව වී ඇත්තේ  “ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය සහ නියඟයට ඔරොත්තු දීම” යන්නය. එහි 2024 සත්කාරක රට වන්නේ සෞදි අරාබියේ රාජධානිය යි.

 

ලෝක පරිසර දිනය යනු පරිසරය සඳහා විශාලතම ජාත්‍යන්තර දිනයයි. මෙම දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ( UNEP ) විසින් මෙහෙයවනු ලබන අතර 1973 වර්ෂයේ සිට එය වාර්ෂිකව පවත්වනු ලබන අතර, පාරිසරික ව්‍යාප්තිය සඳහා විශාලතම ගෝලීය වේදිකාව ලෙස මෙම සංවිධානය වර්ධනය වී ඇත. ඒ අනුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් මෙම දිනය සමරයි.

 

සෞදි අරාබියේ රාජධානිය  2024 ලෝක පරිසර දිනය සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ  ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය සහ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරමිනි. තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා තීරනාත්මක වන ලොව පුරා පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා වූ කැඳවීමක් වන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ දශකයේ (2021-2030) ප්‍රධාන කුළුණක් ව ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණයයි.

 

haritha

 

ලෝක පරිසර දිනයට සමගාමීව ලංකාවේ  “ලෝඩි ග්‍රොව්”(LOADI GROVE) කාබනික ගොවිතැන, පාරිසරික ගොවිතැන, ප්‍රතිඋත්පාදන ගොවිතැන සහ සදාශ්‍ය වනවගාව පිළිබඳ පර්යේෂන හා පුහුණු මධ්‍යස්ථානය ජනතාව වෙත  විවෘත කිරීමේ සමාරම්භක උළෙල ජුනි මස 05 දින මත්තේගොඩ පොල්ගස්ඔිවිට දික්හේන වතුයායේදී පැවැත්වෙන බව ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය සහ FIAN Sri Lanka විසින් දැනුම් දී ඇත.

 

ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ පුරෝගාමීත්වයෙන් හා මෙහෙයුමෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා එම ව්‍යාපාරයේ සභාපති තිලක් කාරියවසම්, ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු, ග්ලෝබල් 500 (UNEP) සම්මානලාභී අශෝක හරිස්චන්ද්‍ර, පරිසර යුක්ති කේන්ද්‍රයේ සම්බන්ධීකාරක රන්ජන් කරුණානායක, සොබාදහම් පිළිබඳ බෞද්ධ ක්‍රියාකාරී සහයෝගීතාවයේ සභාපති පූජ්‍ය තලංගල්ලේ සුධම්ම හිමි, ධර්ම ශක්ති සංවිධානයේ සභාපති පූජ්‍ය මාදම්පාගම අස්සජි නාහිමි, ධර්ම ශක්ති සංවිධානයේ ලේකම් අනුර පෙරේරා පියතුමා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරේ.

 

පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමට කැපවන හරිත ලෝකය ආරක්ෂා කිරීමට කැපවන ඔබට එදිනට එම වැඩසටහන සමග එක්වන්නට ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය ආරාධනා කර සිටියි.