SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමගි ජන බලවේගය වෙත ලබා දෙන ලෙස

සමගි ජන බලවේගය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මැතිවරණ කළමනාකරු සුජීව සේනසිංහ කියා සිටින්නේ  සමගි ජන බලවේගයට  සිරිකොතට හිමිකම් කීමට අයිතියක් ඇති බවය.

 

“අපි හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන් නිසා සිරිකොතට හිමිකම් කියන්න අපට අයිතියක් තියෙනවා,” ඔහු පැවසීය.

 

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කළ සුජීව සේනසිංහ වැඩිදුරටත් කියන්නේ,

  “එජාප නායකයා තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කර සිරිකොත අපට භාර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔහු එසේ කළ යුත්තේ ඉතිරි එජාප පාක්ෂිකයන් වෙනුවෙන්. සිරිකොත අපිට බාර දුන්නොත් ඔහුගේ සමහර පව් කමා වෙනවා.”

 

“රනිල් වික්‍රමසිංහ මහතා  එජාප නායකත්වයෙන් ඉවත් කිරීමට නොහැකි වූ නිසා අපට සමගි ජන බලවේගය පිහිටුවීමට සිදු උනා,”  යැයි ඔහු වැඩිදුරටත් කියයි.

 

මේ අතර ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක්  පැවැත්විය යුතු බවට එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය ගැන සඳහන් කළ සජබ මැතිවරණ කළමණාකරු කියා සිටින්නේ  ඔහු වික්‍රමසිංහ හිතවාදී වූයේ කෙසේද යන්න අදහාගත නොහැකි බවය.

 

“රංගේ බණ්ඩාර ඒ දවස්වල එජාපයේ සිටි දැඩි වික්‍රමසිංහ විරෝධී චරිතයක්” බව සුජීව සේනසිංහ කියයි.

 

“ඒ කාලය තුළ එජාප නායකත්වය වෙනස් කිරීමට ඔහු අප සමඟ පෙරමුණේ සිටියා. 2018 පිහිටවූ දින 52ක ආණ්ඩුවට එරෙහි වීමට යද්දි  ඔහුව නැවැත්තුවේ මමයි. ඒ කාලය තුළ ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇමතිකමක් පවා පිරිනැමුවා,”

සුජීව සේනසිංහ වැඩිදුරටත් පවසා ඇත.

 

Dailymirror