SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සර්ව ජනබලය යනු  රටේ දේශප්‍රේමී වාමවාදී ජාතිකත්ව සියලුදෙනා එකතු වුන කඳවුර බව

මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර කියයි.

 

ඔහු මේ බව කියා ඇත්තේ බොරැල්ල සර්ව ජන බලය දේශපාලන සන්ධාන කාර්යාලයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවේදී ය.

 


“අද අපි එකතුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිර්මල වම නියෝජනය කරන කණ්ඩායමත්, ජාතිකත්ව මතවාදයක සිට මේව රටේ ප්‍රශ්න දෙස ජාතිකවාදී මුහුණුවරකින් බලපු කණ්ඩායම් එකතු වෙලා. හැබැයි සමාජ මාධ්‍යවල නිර්වචනයක් ලෙස ගහලා තිබුනා ජාතිකවාදී කඳවුර පමණක්ම කියලා. එය නිවැරදි විය යුතුය. මේ රටේ දේශප්‍රේමී වාමවාදී ජාතිකත්ව සියලුදෙනා එකතු වුන කඳවුර තමයි සර්වජන බලය කියන්නේ.”



රජයට අභියෝග කරන ප්‍රභල විපක්ෂයක් නොමැති වීම සහ ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට වාමවාදී ජාතිකත්ව එකමුතුවේ හිඩස පිරවීමට තම පිරිස එක්වු බවයි ඔහු පවසයි.