SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජපක්ෂලා විසින් සිදු කරන ලද ව්‍යාජ චෝදනා එකින් එක ගැලවී යයි.

බිරිඳ, දරුවා සහ මව බලහත්කාරයෙන් පැහැරගෙන රඳවා ගනිමින්, පාඨලීගේ රියදුරුගෙන් ව්‍යාජ කට උත්තර ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණයෙන් වරදකරුවන් වෙයි..!

 

රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධ නඩුවට අදාළ ව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරුගේ බිරිඳ, කුඩා දරුවා සහ මව ගාල්ල, ඉමදූව ඔවුන්ගේ නිවසේ සිට රාත්‍රී 10.00 ට පමණ බලහත්කාරයෙන් කොළඹට ගෙනැවිත් අදාළ රියදුරුට වැරදි කට උත්තරයක් ලබා දෙන ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන් පවරන ලද මූලික මානව අයිතිවාසිකම් නඩුවෙහි තීන්දුව අද (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබේ.

 

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති නෙවිල් සිල්වා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද යන අයට එරෙහිව, අනීතික අත්අඩංගුවට ගැනීම සහ එම රියදුරුවරයාගේ නිදහස නැති කිරීම යන චෝදනා  සම්බන්ධයෙන් වරදකරු කොට ඔවුනගේ පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් පෙත්සම්කාරිය වෙත (රියදුරුගේ බිරිඳ) ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබේ. ඊට අමතරව පෙත්සම්කාරිය වෙත රු. 10,000 ක මුදලක් ගෙවන ලෙස රජය වෙත නියෝග කරන ලද අතර, පොලිස් කොමිසමට අධිකරණයෙන් නියෝග කළේ අදාළ විත්තිකාර නිලධාරීන් දෙදෙනා සම්බන්ධ විනය පරීක්ෂණයක් ද පවත්වන ලෙස ය.

 

 

පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක සහ නීතිඥ ජයන්ත සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද මෙම තීන්දුවත් සමග පාඨලී චම්පික රණවක අරබයා රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් සහ ඔවුනගේ හිතවතුන් එල්ල කරන ලද අභූත සහ අසත්‍ය චෝදනා එකින් එක ව්‍යාජ චෝදනා බවට ඔප්පු වෙමින් පවතින බව සඳහන් කර ඇත. 

 

@මාධ්‍ය ඒකකය