SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය මේ වන විටත් යොමු වී ඇති අතර,

යුරෝපා සංගමය දැනටමත් සිය විශේෂඥයින් භූමියේ තත්ත්වය පිළිබඳ පූර්ව මැතිවරණ තක්සේරුවක් සඳහා යොදවා ඇති ඩේලි මිරර් වාර්තා කර ඇත.

 

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් යොදවා ඇති අතර, ඔවුන් රට තුළ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් සහතික කරන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා පූර්ව මැතිවරණ තක්සේරු කිරීම් ද සිදු කරන බව ඒ සම්බන්ධ නිළධාරියෙකු පවසා ඇති බව වාර්තා වේ.

 

කෙසේ වෙතත්, එය මේ වසරේ විශේෂ වැදගත්කමක් ගන්නේ ශ්‍රී ලංකාව ප්‍රථම වරට අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රචාරක මූල්‍ය පනත ක්‍රියාත්මක කිරීමට යන බැවිනි.

 

නව නීතිය ක්‍රියාත්මක කිරීම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණය කළ යුරෝපා සංගමයේ විශේෂඥයන්ගේ නිර්දේශයක් ද වී තිබුණි.

 

ඒ අනුව යුරෝපා සංගම් නියෝජිත පිරිස තමන් හමුවූ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක තහවුරු කර ඇත.

 

“දූත පිරිස අනෙකුත් පාර්ශ්වකරුවන් හමුවීමට නියමිතව තිබුණේ ඔවුන්ගේ පූර්ව මැතිවරණ තත්ත්වය තක්සේරු කිරීම සඳහා යැයි පැවසූ  සභාපතිවරයා  නව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් ඔවුන් විමසා සිටි බව සඳහන් කර ඇත.

 

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ පැවැත්වීම නිරීක්ෂණය කිරීම සඳහා විද්වත් කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව ද  ඔහු පවසා ඇත.