SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ නියමිත පරිදි ඉදිරියට කරගෙන යාමට

ප්‍රමාද කිරීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැඩි කණගාටුව ප්‍රකාශ කර තිබේ.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ ප්‍රධානී ආර්.එම්.ඒ.එල් රත්නායක කියා තිබුණේ  පාර්ලිමේන්තු මැතිවරණය 2025 දී පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට කොමිසමේ ස්ථාවරය දැනටමත් රජයට දන්වා ඇති බවයි.

 

"මේ වන විටත් මුදල් වෙන් කර ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපි සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටිනවා," ඔහු පැවසීය.

 

තවද, ජුලි මස අග සිට අගෝස්තු මස මුල් භාගය දක්වා කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවද ඔහු පැවසීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේ, ඒ පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බවයි.

 

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයක් පැවැත්වීමේ විධිවිධාන පැහැදිලිව දක්වලා තියෙනවා. කෙසේ වෙතත්, එය මැතිවරණයකට සමපාත නොවිය යුතුයි," ඔහු අවධාරණය කළේය.

 

මැතිවරණය කල් දැමුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පැෆ්රල් ප්‍රතිඥා දෙයි

 

මේ අතර මැතිවරණය ප්‍රමාද කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) අනතුරු අඟවා ඇත.