SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ තමාගේ යෝජනාව

සඳුදා පැහැදිලි කරන බව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අද මාධ්‍ය වෙත පවසා ඇත.

 

"අඟහරුවාදා මම ජනමත විචාරණයකින් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය දීර්ඝ කිරීම ගැන කතා කළා. ඒ ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් ඉදිරිපත් කළා. ජුනි 03 සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මම කියපු දේ ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නම්. "

"සියලු ප්‍රශ්නවලට මම එදාට පිළිතුරු දෙනවා,"

 

ඔහු කලින් සහතික කළ පරිදි අද ප්‍රකාශයක් නොකළේ මන්දැයි ඇසූ විට රංගේ බණ්ඩාර පවසා තිබුණේ  තමාට අවශ්‍ය වන්නේ සඳුදා පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුව දැනුම් දීමට පමණක් බවය.

 

කෙසේ වුවද මේ වනවිට එජාපය අභ්‍යන්තරයේද මෙම යෝජනාව පිළිබඳව වෙනස් මත දරන බවට මාධ්‍ය වාර්තා කර තිබුනද මේ සියල්ල සැලසුම් සහගත ක්‍රියාවලියක් බව පක්ෂ විපක්ෂ ආරංචිමාර්ග පවසයි.