SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට

කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

 

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් ද, එසේත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මතය ද, නොඑසේ නම් රංගේ බණ්ඩාර ගේ පෞද්ගලික මතය දැයි  නොදන්නා නමුත් එම ප්‍රකාශය මගින් කෙරෙන යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

 

එසේම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ද නිසි වේලාවේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද  එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

 

කෙසේවෙතත්, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිගු කරගැනීම අරමුණු කරගෙන කළ ප්‍රකාශයක් බව පැහැදිලි යැයි පවසන පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු ජනරජ පෙරමුණ පවසන්නේ  ව්‍යවස්ථානුකූලව නිසි වේලාවට මැතිවරණ නොපවත්වා එම මැතිවරණ කල් දමා, ජනමත විචාරණ පැවැත්වීමේ අමිහිරි ප්‍රතිපල සඳහා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවේ ද, අතීතය උදාහරණ සපයන බව ය.

 

ජනරජ මහලේකම්වරයා දක්වන්නේ මෙසේ මැතිවරණ කල් දැමීම ජනතාවගේ පරමාධිපත්‍ය බලය දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් ද බව ය.

 

එබැවින්, ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය ද, මහමැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ද නිසි වේලාවේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන ජනරජ පෙරමුණ කිසියම් හෝ බලවේගයක් රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගනිමින් ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අනෙකුන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එක්ව සටන් කිරීමට සිදුවන  බව ද දන්වා ඇත.

 

bandula letter