SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තරුණ එකමුතුව (United Youth) සංවිධානය විසින්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමතා ඊයේ (27) ලිපියක් මාධ්‍ය වෙත යොමුකර ඇත.

 

ඒ, ගැලරි දේශපාලනයෙන්, ජාතික දේශපාලනයට පිවිසෙන ලෙස ඉල්ලීමක් කරමිනි.

 

යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර සහ අධ්‍යක්ෂ ජෙනරාල් අසංක රත්නායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපිය පහත දැක්වේ.

 

2024/05/27

මාධ්‍ය නිවේදනය

 

ගැලරි දේශපාලනයෙන්, ජාතික දේශපාලනයට පිවිසෙන ලෙස විපක්ෂ නායකවරයාට ආරාධනා.

 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් සිදු කරමින් යන්නේ ගැලරි දේශපාලනයක් බවත්, ඉන් ඉවත්ව වර්තමානයට ගැලපෙන ජාතික සහ ජාත්‍යන්තර  දේශපාලනයක නියැලෙන ලෙස යුනයිටඩ් යූත් සංවිධානය එතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

ආගම සහ අධ්‍යාපනය විශේෂයෙන් පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්, තම පටු දේශපාලන අරමුණු සදහා යොදා ගැනීම පිලිකුල් සහගතව අප සංවිධානය හෙලා දකිමු. දේශපාලනය ගැන හයක් හතරක් නොතේරෙන පාසැල් දරුවන්ට කොම්පියුටරක් ලබා දෙමින්, තවත් විටෙක සමහර පාසැල් වලට බස්රථ ලබා දෙමින් තම පක්ෂ දේශපාලනය පාසැල් තුල සිදු කිරිම තව දුරටත් නොකල යුතු නොහොඹිනා ක්‍රියාවකි.

 

ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා එසේ උපකරණ ලබාදිය යුතුව ඇත්නම් ඒ සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයට භාර දී අමාත්‍යංශයේ භාණ්ඩ ලැයිස්තුවට නිත්‍යණුකූලව ඇතුලත් කර, අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිසි ක්‍රමවේධයක් අනුව අවශ්‍ය පාසැල්වලට බෙදා හැරිය හැක. ඵවිට එම කොම්පියුටර් සහ අවශ්‍ය විදුලිය, අන්තර්ජාල පහසුකම් සහ අඵත්වැඩියා කටයුතු සදහා මුදල් වෙන් කිරීමද, ඒ සදහා සුදුසු ගුරුවරුන් යෙදවීමටද, අමාත්‍යංශයට හැකියාව ඇත.

 

එමෙන්ම බස් රථ සදහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන, රියදුරන්, නඩත්තු කටයුතු නිසි ක්‍රමවේධයක් යටතේ සිදු කිරීමට අමත්‍යංශයට හැකියාව ඇත. විදුහල්පතිවරුන්ට ද එසේ අමාත්‍යංශයේ නිසි අවසරයකින් තොරව බඩු භාණ්ඩ ලබා ගැනීමට සහ ළමුන් දේශපාලන කටයුතු සදහා යොදවා ගැනීමට හැකියාවක් නොමැති අතර එවැනි විදුහල්පතිවරුන්ට විරුද්ධව නිසි විනය පරීක්ෂණ සිදුකල යුතුය. 

 

අතීතයේදි පන්සල්වලට රුපියල් පනස්දාහක් ලබා දෙමින්, ආගම විකුණාගෙන තම දේශපාලන ව්‍යාපාරය ගෙනගිය බවත්, සමාජයෙන් පැන නැගුන විරෝධතා නිසා එම ව්‍යාපාරය නවතා දැමූ බවත්, දැන් පාසැල් ළමුන් ඒ සදහා යොදා ගන්නා බවත් අප සදහන් කරන්නෙමු. 

 

මෙම ගැලරි දේශපාලනයෙන් ඉවත්ව ප්‍රථිපත්තිමය දේශපාලනයකට යොමුවෙන මෙන් අප ඉතා ගෞරවයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිමු.

 

ස්තුතියි,

 

සුදත් චන්ද්‍රසේකර, සභාපති - යුනයිටඩ් යූත් සංවිධානය 

අසංක රත්නායක,අධ්‍යක්ෂ ජෙනරාල් -යුනයිටඩ් යූත් සංවිධානය                                                

 

united youth letter