SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තද සුළං සහ රථ මුහුදු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් අදත් (27) නිකුත් කර ඇත.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් එහි සඳහන්.

 

එබැවින් නැවත දැනුම් දෙනතුරු මුහුදු ප්‍රදේශවලට  යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.

 

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

 

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතීන බව එම නිවේදනයේ සඳහන් වේ.

 

මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

 

weather red 1

 weather 2weather 3weather 4