SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ ගාලුමුවදොර පිටියේ ආගමික කටයුත්තක් හැරෙන්නට වෙනත් උත්සව සංවිධාන කිරීම තහනම් කර තිබියදී දේශපාලන හයිය ලබාගත් කිසියම් කණ්ඩායමක්

බලහත්කාරයෙන් විනෝද ක්‍රීඩා ඇතුළත්  සැණකෙළියක් ( කානිවල්) එහි  පවත්වමින් සිටින බව වරාය ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම සැණකෙළිය වහාම නවත්වන ලෙසට ඒ පිළිබඳ ආරංචිය ලද වහා   කොළඹ ගාලු මුවදොර පිටිය බාර  ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම  සංවිධායකවරුන්ට දැනුම්දී  ඇතත්
ඔවුන් ඒ කිසිවක් ගණන් නොගෙන සැණකෙළිය බලහත්කාරයෙන්  පවත්වාගෙන යන බව දැනගන්නට ඇත.

මෙම සැණකෙළිය ආරම්භ කර ඇත්තේ පසුගිය 23 බ්‍රහස්පතින්දාය. එය සිවුවැනි දිනයටත්  ඊයේද  පැවැත්වුණු බව වාර්තාවේ.
ගාලුමුවදොර  පිටිය ආගමික කටයුත්තක් සඳහා වෙන් කරගෙන මෙලෙස සැණකෙළියක් ඉතා වැරදි ක්‍රියාවක් හෙයින්  ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම සමාගම කටයුතු කරමින් සිටී.

ආගමික උත්සවය වෙනුවෙන් ගාලු මුවදොර  පිටිය වෙන්කර දීමට රුපියල් ලක්ෂ 45 ක අස්තමේන්තුවක් ලබාදී  ඇතත් එම සංවිධායකයන්  සමාගමට  දැනට ගෙවා ඇත්තේද  ලක්ෂ විස්සක පමණ මුදලක් පමණක් බව දැනගන්නට ඇත.

කොළඹ ගාලු මුවදොර පිටිය ආගමික කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිම උත්සවයකට ලබා නොදීමට කැබිනට් මණ්ඩලය  අරගලයෙන් පසු  තීරණය කළේය.

 

@සුජිත් හේවාජුලිගේ

lankadeepa