SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සමඟ ඊයේ (25) දින සාකච්ඡාවක නිරත වී ඇත.

ඒ යාපනයේ පිහිටි එම මන්ත්‍රීවරයාගේ පෞද්ගලික නිවසේදී ය.

 

උතුරේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් සහ ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක වන උපාය මාර්ග පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ බව වාර්තා වේ.

 

ලංකා දේශපාලනයේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දකුණේ දේශපාලන නායකයන් උතුරේ දේශපාලන ක්‍රියාධරයන් හා නායකයන් සමග විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී වූ බවත් මැතිවරණයෙන් පසුව එකී සංවේදී මාතෘකා යටපත්ව ගිය බවත් දේශපාලන විචරකයින්ගේ මතය වී ඇත.

 

මෙම අනවරත ක්‍රියාදාමය පසුගිය කාලය තුළ යම් තරමකට මැතිවරණ ක්‍රියාදාමයෙන් පසු ඈත්ව ගොස් තිබූ අතර නැවතත් දකුණේ දේශපාලන ප්‍රවාහය අවිනිශ්චිත සහ තීරණාත්මක වන විට යළිත් එය හිස ඔසවා ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.