SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුව විසින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීම,

ඔවුන් සඳහා දිස්ත්‍රික්කයකට නවාතැන් පහසුකම් සහිත එක් පාසැලක් හෝ පිහිටුවීම, ඔවුන් සඳහා ලබාදෙන ඖෂධ හිගයකින් තොරව ලබාදීමට කටයුතු කිරීම ඉතාම වැදගත් කරුණක් බව පසුගියදා ප්‍රකාශ කළේය.

 

සමහර දෙමව්පියන් මෙවැනි දරුවන්ව සමාජයෙන් සඟවා තබන බවත් එසේ කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ සමාජයෙන් එවැනි දරුවන් ගැන ඇති වැරදි ආකල්ප නිසා බවත් එම එකමුතුවේ සාමාජිකයින් විසින් පෙන්වා දේ.

 

විශේෂයෙන්ම  බස්රථ, දුම්රිය වල ගමන් කිරීමට රෝද පුටුවකින් ගමන් කරණ පුද්ගලයෙකුට කිසිම පහසුකමක් නොමැති අතර, විදේශයන්හි මෙන්  රෝද පුටුව සමගම බස් රථයකට හෝ දුම්රියක ගමන් කිරීමට හැකි පරිදි පොදු ප්‍රවාහනය දියුණු කලයුතු බවත් එම එකමුතුවේ අදහස විය.

 

යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන්  විශේෂ අවස්ථා සහිත පුද්ගලයන් හට රෝද පුටු බෙදා දීමේ වැඩසටහනක් සහ  පාසල් ළමුන් අතර පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් පසුගිය දා පොළොන්නරු දිස්ත්‍රික්කය කේන්ද්‍රය කරගනිමින් පවත්වා ඇත.

 

එම අවස්ථාවට  තරුණ  භික්ෂු එකමුතුවේ දොම්පේ  ශාන්ති විහාරී ස්වාමීන් වහන්සේ සහ තරුණ එකමුතුවේ  සභාපති සුදත් චන්ද්‍රසේකර, ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත්, ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම, ව්‍යාපාරික මනෝජ් පුංචි හෙවා, අසංක රත්නායක යන අය සහභාගී වී ඇත.

 

WhatsApp Image 2024 05 23 at 21.19.023WhatsApp Image 2024 05 23 at 21.19.051

WhatsApp Image 2024 05 23 at 21.19.01WhatsApp Image 2024 05 23 at 21.19.02WhatsApp Image 2024 05 23 at 21.19.021WhatsApp Image 2024 05 23 at 21.19.022WhatsApp Image 2024 05 23 at 21.19.024WhatsApp Image 2024 05 23 at 21.19.03WhatsApp Image 2024 05 23 at 21.19.04WhatsApp Image 2024 05 23 at 21.19.042WhatsApp Image 2024 05 23 at 21.19.05WhatsApp Image 2024 05 23 at 21.19.06WhatsApp Image 2024 05 23 at 21.19.061