SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු වහාම

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව ඉහළ පෙලේ ආරංචිමාර්ග කියයි.

 

ජනාධිපතිවරණයට පෙර හෝ ඒ අතරතුර හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ තම අභිප්‍රාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වන අතර ඔහු කැබිනට් අමාත්‍යවරුන්ට පවසා ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවය.


ලබන වසරේ මැදදී එවැනි මැතිවරණයක් පැවැත්වීමට නියමිත කාලය තෙක් බලා නොසිට ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම දේශපාලනිකව තීරණාත්මක සාධකයක් වනු ඇත.

 

ජයග්‍රහණය කරන ඕනෑම අපේක්ෂකයෙකු තම පක්ෂයට හෝ සන්ධානයට බහුතර බලයක් සහිත නව පාර්ලිමේන්තුවක් තෝරා ගනු ඇත. ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය තුළ
ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන පක්ෂය ඉන් පසුව එන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ස්වභාවිකය.

 

අවසන් වරට මහ මැතිවරණය පවත්වන ලද්දේ 2020 අගෝස්තු මාසයේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  අනුව ප්‍රකාශ කරන ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම නීත්‍යානුකූලව බැඳී සිටී. එමෙන්ම මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් එකවර පැවැත්වීමේ ප්‍රතිපාදනද ව්‍යවස්ථාව සතු ය.

 


ජූලි 17 වැනිදායින් පසු, සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනක ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීමට කොමිසමට බලය ලැබේ.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ගේ අත්සනින් යුතුව නිකුත් කළ දැනුම්දීමකින් මැතිවරණ කොමිෂන් සභාව කියා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නාමයෝජනා කැඳවන බවයි.

 

මැතිවරණ පැවැත්වීම සඳහා කොමිෂන් සභාව මේ වන විට අදාළ විධිවිධාන සම්පාදනය කරමින් ඇතැයි වාර්තා වේ.