SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතිකත්වයක් නොමැතිව රටක් ගොඩනැගිය නොහැකි බවත් බණ්ඩාරනායක මැතිණිය විසින් එය  ප්‍රකට කළ බවත්

එතුමිය ආරම්භ කළ කිසිදු සංස්ථාවක් අද ඉතුරුව නැති අතර ඒවා සියල්ල විකුණා ඇති බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක  දිලිත් ජයවීර කියයි.

 

ඔහු මේ බව පැවසූවේ, ලයිට්හවුස් දේශන ශාලාවේ පැවති ජනරජ දින සැමරුම සඳහා එක්වෙමිනි.

 

janaraja dilith 1

 

“වාමාංශික දේශපාලනය යැයි කියමින් අපිත් එක්ක එකට ඉඳලා පරදිනවා කියලා දැනගත්තාම ගුබ්බෑයන් අස්සේ රිංගන කිසිම කෂේරුකාවක් නැති ඒ දේශපාලකයන් පරාජය කරන්න ඕන. අද පුතානෝ ළඟ වැඳ වැටෙන මේ ධාරාවේ හිටපු දේශපාලකයන්ටත් අපි කියන්න කැමතියි ඒ තත්ත්වයට බාල්දු වුණ ඔබ ජනතාව ප්‍රතික්ෂේප කරන විදිය බලාගන්න ඊළඟ මැතිවරණයට අපිත් එක්ක එකතු වෙලා එන්න බලන්න ගමට කියලා. රටක් ගොඩනගන්න බැහැ ජාතිකත්වයක් නැතුව. ඒක තමයි මැතිනිය ප්‍රකට කළේ. අද ඉතුරු වෙලා නැහැ එතුමිය ආරම්භ කළ කිසිදු සංස්ථාවක්. ඔක්කොම විකුණලා ඉවර කරලා. දැන් මේ අන්තිමට විකුණන්න හදන විදුලිබල මණ්ඩලයත් එතුමියට පින් සිද්ධ වෙන්න ඇති වෙච්ච එකක්. අද ජාතිකත්වය වහකදුරු වෙලා..

 

අපි ජාතිකත්ව කඳවුරේ හිටගත්තේ මීට වසර 30කට පෙර සිට. ඒ වගේම වසර 30ක යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න තියෙද්දී ඔය අද අදිඨන කියලා අත පය නැති සොල්දාදුවෝ කිහිපදෙනෙක් ඉස්සරහින් තියාගෙන කිසිම අදිඨනක් නොතිබුණු තවත් පිරිසක් ඉස්සරහින් තියාගෙන ඉන්න මා මිත්‍ර අනුර කුමාරට මම කියන්න ඕන ඔබ යුද ජයග්‍රහණය පරාජය කිරීම සඳහා 2008දී අයවැය පරාජය කරමින් රජය පෙරළා දැමීමට දරපු උත්සාහය සමාන වෙන්නේ මේ මැතිනිය ජනරජ ව්‍යවස්ථාව ගේන්න ඔන්න මෙන්න තිබියදී ඇය ඝාතනය කිරීමට උත්සහ කළ කැරැල්ලට. යම්හෙයකින් එම අයවැය පරාජය වෙලා ආණ්ඩුව පරාජය වුණානම් ඔබ අදත් ඉන්නේ යුද්ධයෙන් සාපලත් දේශයේ. කුමන්ත්‍රණකරුවන් යුද්ධය අවසන් වීමට එළිපත්තේ ඉඳිද්දී ඊට විරුද්ධව කුමන්ත්‍රණය කළා. අන්න ඒක කතා කරන්න අනුර කුමාර අතර සාකච්ඡාවක් ඕන.

 

මේක තමයි සිස්ටම් චේන්ජ් වුණ වසර. වසර 500 ගණනකට ආසන්න කාලයක් අපි අනිකුත් රටවල්වලට යටත්ව සිට ඊළඟට 48දී යම්කිසි නාමික නිදහසක් ලබලා ඊට පස්සේ 72දී තීරණාත්මක වෙනස සිද්ධ කළා. 72 වෙනස වෙන්න නායකත්වය ලබාදුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 72 වෙනස කරන්න එතුමියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ පවා සටහන් කළා මෙය ජනරජයක් බවට පත් කරන බව. ඉන් එතුමිය බලාපොරොත්තු වුණේ අපි කිරීටයෙන් නිදහස් වීමයි. 48න් පස්සේ තිබුණ ආණ්ඩුව තිබුණේ කිරීටයට යටත්ව. ඒ නිසා ඇයට ඕන වුණා ජනරජයක් ලෙස නම් කර කටයුතු කරන්න. අපිට ඕන වුණා ජාතිකත්වය නිවැරදි ලෙස පොළොවේ පැළ කරන්න. බණ්ඩාරනායක මැතිනිය එය ඉටු කළා. හැබැයි ඒ දේශපාලනයේ තියෙන වැදගත්කම තමයි එතුමිය වටකරගෙන හිටියේ. පතාක යෝධයන් වන සමසමාජ, කොමිනියුට්ස් නායකයන්.

 

එන්. එම් පෙරේරා වැනි පුද්ගලයන්. ඔවුන් වාමාංශිකයන්. හැබැයි මැතිනිය තේරුම් අරගෙන එකමුතුව වැඩ කළා. ඒ තමයි නිර්මල, අවංක වම. ඒ වම මාක්ස්ගේ පොත අකුරෙන් අකුර නොගෙන එහි සන්ධර්භය අරගෙන කොහොමද මේ රටට ගැලපුවේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කොහොම වුණත් ඔවුන් මතක තියා ගන්න ඕන 72 මැතිනිය මේක කරන්න යෝජනාව ගෙනාවේ ඇයගේ මැතිවරණ ප්‍රකාශයෙන්. අපි නැවත හැරිලා බලන්න ඕන. නැවත හැරී බැලුවාම එදා ඇත්ත පත්තරේ කියපු දේ ඇත්තයි කියලා හිතෙනවා.

 

ඇත්ත පත්තරේ සඳහන් කළා මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් මැතිනියට විරුද්ධව ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද මැතිනිය මේ රට ස්වාධීන කරන්න හැදුවා. ඉතින් ඇය මරා දමන්න මිසක් ජවිපෙ උත්සහ කළේ නැහැ රැජිණිය මරා දමන්න. රැජිණිය වෙනුවෙන් මැතිනිය මරා දමන්නටයි ඔවුන් කැරැල්ල කළේ. හැබැයි දෛවයේ සරදම ඔවුන්ගේ නඩුවත් අහන්න ගියේ රැජින ගාවට. අදටත් ක්‍රියාත්මක වන්නේ ඒ චින්තනයමයි. අද ජාතිකත්වය විනාශ කරන්න ජවිපෙ අද ප්‍රසිද්ධියේම පෙනී සිටිනවා. ඔවුන් අද අහනවා ස්වාමින් වහන්සේලා කාලා ඇඳලා නිකන් ඉන්නේ කොහොමද කියලා. ඒ නිසා අපිත් ඒ විදියට ඉන්නවා.

 

අපි කාලා ඇඳලා ඉන්න විදිහ අහන්න එපා. එලෙස එවැන්නක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න තරම් මේ ජාතිය නිවට වුණාදෝ කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. අපිට ගැටලුවක් නැහැ අපේ මිත්‍ර අනුර කුමාර දිසානායක රෑට රෑට ගිහිල්ලා එයාගේ ෆේක් කමන්ටු බළකායෙන් ඔවුන් මුහුණත් වෙන්න පුළුවන්. ෆේක් කමන්ටු ගැහුවට කමක් නැහැ. නමුත් මේවා ප්‍රසිද්ධියේ කියනකොට අපේ ඇඟ නලියන්නේ නැත්තේ ඇයි කියලා තමයි මට අහන්න තියෙන්නේ”