SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ධම්මපාලන ජනතා පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් බිහිව ඇත.

එහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන සංජන පවසන්නේ ජාති ආගම් කුල පංති භේදයකින් තොරව පන්සිල් පද පහ රැකිය හැකි, ඒ අනුව කටයුතු කරන  ඔිනෑම අයෙකුට තම දේශපාලන සංවිධානයෙන් ඉදිරිපත් විය හැකි බවය.

 

 WhatsApp Image 2024 05 23 at 10.08.07

 

ඔවුන් ධම්මපාලන ජනතා පෙරමුණ හඳුන්වන්නේ මෙසේ ය.

 

අරමුණු

සියල්ලන්ට පෝෂණ අවශ්‍යතාවය සංතෘප්ත කරගත හැකි පරිදි ආහාර ලැබෙන, ප්‍රමාණවත් ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුලු යටිතල පහසුකම් තිබෙන, ජනයාගේ දෛනික ජීවිතය සැපවත්ව පවත්වාගෙන යාම සඳහා ජීවන වියදම බලපාන්නේ නැති,  සියල්ලන්ටම සතුටින් සාමයෙන් ජීවත් විය හැකි, වාර්ගික, ආගම්, භේදයක් නොමැතිව කුසල් මත පදනම් වූ සාර්ථකත්වය සහ ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි මානව දක්‍ෂතා හඳුනාගෙන පෝෂණය කරන, සාමජිය ආර්ථික ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් මානවයින් ජිවත් වන, දිනෙන් දින දියුණුව අත් පත් කර ගන්නා රටක් ගොඩනැගීම ඒකායන අරමුණ බව කියයි.

 

අගයයන්

අපගේ මූලික අගයන් වන්නේ අවංකකම, දයානුකම්පාව සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි. වංකකම, වෛරය සහ උදාසීනකම අසාර්ථක වීමට තුඩු දෙන චර්යාවන් වේ. මෙවන් අසාරධර්ම නිසා ලංකාව අසාර්ථක වෙනවා අපි අත් දකිමින් සිටිමු. රටටත් ජනතාවටත් මේ අවාසනාවන්ත තත්වයෙන් ගැලවී  ස්වර්ණමය යුගයක් බවට පරිවර්තනය කිරීමට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරන අවංක, කාරුණික හා වෙහෙස මහන්සි වී වැඩ කරන රාජ්‍ය සංස්කෘතියක් අනුගමනය කිරීමෙන් එය වෙනස් කිරීමට බලාපොරොත්තු වේ.

 

#ඉවෝන්