SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිත ය.

ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලයේ දී දහවල් 12.00 ට වෙන්දේසිය ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

 

LPL තරගාවලියේ 5 වැනි අදියරට අදාළ මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 266 දෙනා විදෙස් ක්‍රීඩකයින් වේ.

 

ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගත හැකි අතර, වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගත වීම සදහා ද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් වියදම් කළ හැකිය.