SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2012 වසරේදී අධිකරණය මගින් මරණ දඬුවම ලබාදුන් "රෝයල්පාක් ඝාතන නඩුවේ"  චූදිත තරුණයා වෙත,

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව ප්‍රදානය කරන ලද්දේ සිය ජනාධිපති ධුර කාලය අවසන් වීමට එක් දිනක් පමණක් තිබියදී ය.  

 

ජනාධිපති සමාව ලබා දීමට අදාලව යම් අයතා ගනුදෙනු සිදුවන්නට ඇති බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙත පසුව  චෝදනා එල්ලවූ අතර රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී හිටපු ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳව කල විමසුමකදී ඔහු සඳහන් කලේ එවැනි අයතා ගනුදෙනුවකට තමා සම්බන්ධ නැති බව ය.

 

එසේම  ඉහත ජනාධිපති සමාව ලබාදීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ඇතුලු පිරිසක් තමාට බලපෑම් කල බවත් එම පිරිස අතර කිසියම් අයතා ගනුදෙනු සිදුවූවාදැයි තමා නොදන්නා බවත් ඔහු එකී මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේ ය.

 

rathana 1

 

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ තමා විධායක ජනාධිපතිවරයා ලෙස සිටිද්දී බාහිර බලවේගයන්හි බලපෑම්වලට ලක්වූ බව ද? එවිට තමා එම ධූරයේ කටයුතු කරද්දී සිදුකළ ක්‍රියා සහ ගත් තීරණවලට තමාගේ වගකීමක් නොවන බවද?

 

 

මේ පිළිබඳව පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් ඉකුත් 2022.06.23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල ලිඛිත පැමිණිලට අදාලව නිකුත්කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්ථාවේ සඳහන් වුනේ  පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් එවැනි අයතා ගනුදෙනුවකට සම්බන්ධවී නොමැති බවත් එවැනි කිසිඳු ගනුදෙනුවකට අදාල සාක්ෂි හමුනොවූ බවත් ය.

 

athura 1 

 

එවිට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තම අභිමත ප්‍රකාරව විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල කිරීම මගින් සිදු කරන්නේ කුමක් ද?

නොඑසේනම් එම චෝදනාවලට අදාළ හේතූන් මොනවාද?

 

මේ පිළිබඳව සිදු කල විමසුමකදී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසන්නේ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙත එල්ලවන චෝදනාවලින් නිදහස්වීමේ අරමුණින් ඔහු විසින් උන්වහන්සේ වෙත පදනම් විරහිත චෝදනා ඉදිරිපත්කර ඇති බවය.

 

මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එවැනි ආවාට ගියාට විවිධ ප්‍රකාශ නිකුත් කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන යන බව පාක්ෂිකයන්ගේද මතය වී ඇත.

පසුගියදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවසූ අදහස් දැක්වීම් ද පරස්පර විරෝධී බවත් මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබුණී.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතු බව ඔහුට හිතවත් තවත්  පිරිසකගේ  අදහස වී ඇත.